Via Doragala road |
උදේ 6 ට විතර ඔන්න කට්ටියම කොහොම කොහොම හරි මහනුවර බස් නැවතුම්පලට සෙට් උනා..... මේකට සහභාගි උනේ සමනලයයි , පානී,බට්ටි ,බස්සයි ,අබෙයි ..ඔන්න ඉතින් වෙනදා වගේම එක එකාට ලජ්ජා කරගන්න ගමන් ගමන පිටත් උනා.
To_the_peak |
Getting_very_near |
දැන් මන් කියන්නම් මොනරකන්දට නැග්ගම ඔයාලට බලාගන්න පුළුවන් මොනවද කියලා .. කන්දේ එක පැත්තක් සීතලයි අනික් පැත්ත ටිකක් උණුසුම් ගතියක් තියනවා. ඉතින් මේ කඩ මුදුනට නැග්ගම ඔයාලට බලාගන්න පුළුවන් දිය අලි කිහිපයක් තියනවා. ප්‍රධාන වශයෙන් රම්බොඩ ඇල්ල,ගැරඩි ඇල්ලත්, ෆ්රෝටෝෆ්ට් , chariot path ප්‍රදේශයත් , ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ වුන ශ්‍රී පාදයත් , great western කදුවැටියත් කිකිලියාමන කන්දත් , ලංකාවේ ඉහලම පිහිටුම ලකුනුවෙන පිදුරුතලාගලත් , නාවලපිටියේ පිහිටි දොළොස්බාගය කදුවැටියත් ...ඇත ලගින්ම කඩදොර ගම්මානය සහ කොත්මලේ ජලාශයත් බලාගන්න පුළුවන්.. තව මෙකි නොකී බොහොමයක් ස්ථාන එකවර දැකගන්න පුළුවන් හරි ලස්සන තැනක් තමයි මොණර කන්ද කියන්නේ ...
viewing ramboda,garendi falls, chariot path, frotoft. great western range and kotmale resorviour |
හරි දැන් එහෙනම් මම ඔයාලට එහෙට එන පාරවල් කොහොමද කියලා කියන්නම්කො.... වෙනදා වගේම මගේ ගමනාරම්භය තමයි මහනුවර නගරය.. මහනුවර නගරෙයේ ඉදන් නම් පැය 2 1/2 ගමනක්..
kotmale temple |
1. පලවෙනි මාර්ගය තමයි මහනුවර නුවර එලිය මාර්ගයේ ඇවිත් ,පාර දෙක හන්දියෙන් බැහැලා එතන ඉදන් දොරගල යන වෑන් එකක හරි බස් එකේ හරි යන එක රුපියල් 60ක් වගේ වෙනවා එතනින් දොරගල තේ කර්මාන්තශාලාව ලග බැහැලා 2 1/2 km වගේ පයින් ගමනක් තියෙන්නේ ..
2. අනික් මාර්ගය තමයි මනුවර නුවර එලිය මාර්ගයේ ඇවිත් ගම්පල පහුවෙනකොට තියන කොත්මලේ පාර .. එකෙන් ඇවිල්ල කොත්මලේ ජලාශය බලලා , කොත්මලේ සයත් වැදගෙන ඒ පාර දිගේම උඩට ඇවිල්ල දොරගල තේ කර්මාන්තශාලාවට ඇවිල්ල මන් කියුව පාර ..
3 නුවරඑළියේ ඉදන් එන කෙනෙක්ටනම් පුස්සල්ලාවෙන් කොත්මලේ පාරේ ඇවිල්ලා මන් 2වෙනියත සදහන් කරපු ගමන් මාර්ගය ..
ඔන්න එහෙනම් මම ඔක්කොම විස්තරේ කිවුවා.. අමතක උන එකක් තිබ්බොත් අයෙත් දාන්නම් ...
සැ . යු :-( google image ද උපුටාගෙන ඇත, හුදෙක් ගමන් මාර්ගය අවබෝධය පිණිස මෙසේ සටහන් කොට ඇත.)
ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....
Crew |
#...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #
ඔබට සුබගමන් !!!!