මේක අම්මලා එක්ක අනුරාධපුරේ යනකොට ගිය ගමනක්.මෑත යුගයේ ඉදිවූ විශාලතම වාරි ව්‍යාපෘතිය තමයි මේක.
මිනිපේ වම් ඉවුරෙන්ද අඹන් ගගෙන්ද /කළුගගෙන්ද පෝෂණය වන මෙම ජලාශය ඉදිවුයේ 2007 වසරේ ආරම්බ කරනලද කලුගග - මොරගහකන්ද ව්‍යාපෘති යෝජනා ක්‍රමය යටතේය. මෙය මහවැලි යෝජනා ක්‍රමයේ අවසාන ව්‍යාපෘතියද වේ . 1968 දී ආරම්භ වූ මහවැලි ව්‍යාපෘතියේ C කොටසට අයත් මෙමගින් කෘෂිකර්මාන්තයට මෙන්ම ජල විදුලි උත්පාදනයටද මහගු කර්තව්‍යයක් සිදුවේ(18 MW විදුලි ජනනයක් සිදුකරයි ). තවද කලුගග ජලාශය සමග 10km පමණ වන උමන් ජල මාර්ගයකින් මෙම ජලාශය සම්බන්දවෙලා පවතිනවා.
ඔයාලා හැමෝටම නාඋලින් හැරිලා ඇළහැර හෙට්ටිපොල පාරේ ගියාම මේ වටිනා කියන නිර්මාණය බලාගන්න පුළුවන් ..