Thursday, May 14, 2020

කුලසිංහ මොරගහකන්ද ජලාශය (මහවැලි යෝජනා)

මේක අම්මලා එක්ක අනුරාධපුරේ යනකොට ගිය ගමනක්.මෑත යුගයේ ඉදිවූ විශාලතම වාරි ව්‍යාපෘතිය තමයි මේක.

මාතලේ දිස්ත්‍රික්කය මුල්කරගනිමින් නිර්මාණයවූ අඩි 213ක් උස  Gravity Dam එකක් ජල ධාරිතාව ඝන මීටර මිලියන 500ක් සහිත "කුලසිංහ ජලාශය හෙවත්,මොරගහකන්ද ජලාශය 2018 වර්ෂයේ ජනතාසන්තක" වන ලදී.


මිනිපේ වම් ඉවුරෙන්ද අඹන් ගගෙන්ද /කළුගගෙන්ද පෝෂණය වන මෙම ජලාශය ඉදිවුයේ 2007 වසරේ ආරම්බ කරනලද  කලුගග - මොරගහකන්ද ව්‍යාපෘති යෝජනා ක්‍රමය යටතේය. මෙය මහවැලි යෝජනා ක්‍රමයේ අවසාන ව්‍යාපෘතියද වේ . 1968 දී ආරම්භ වූ මහවැලි ව්‍යාපෘතියේ C කොටසට අයත් මෙමගින් කෘෂිකර්මාන්තයට මෙන්ම ජල විදුලි උත්පාදනයටද මහගු කර්තව්‍යයක් සිදුවේ(18 MW විදුලි ජනනයක් සිදුකරයි ). තවද  කලුගග ජලාශය සමග 10km පමණ වන උමන් ජල මාර්ගයකින් මෙම ජලාශය සම්බන්දවෙලා පවතිනවා. 

ඔයාලා හැමෝටම නාඋලින් හැරිලා ඇළහැර හෙට්ටිපොල පාරේ ගියාම මේ වටිනා කියන නිර්මාණය බලාගන්න පුළුවන් ..


ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Monday, May 4, 2020

උඩරට රාජධානියේ කඩුගන්නාවේ වතගොත - 02 ( කැප්ටන් ඩෝසන් කුළුන )

මේක මගේ කලින් කතාවට සම්බන්දයි ...එක කියවාගෙන එන්න ඕනිනම් (https://isuruflicker.blogspot.com/2020/04/01.html)

හරි ඔන්න ඔහොම බලන කොටුව එහෙමත් බලාගෙන අපි ටික ඉතින් පල්ලම් බැස්ස කඩුගන්නාවට, කඩුගන්නාව නගරයට බැහැපුවාම අපිට පේනවා සුදු පාටට උසට උසේ තියන කුළුණක් . හරියට ප්‍රදීපාගාර ක්‍රමේට හදපු එකක් වගේ ... අන්න ඒකට තමයි කියන්නේ ..

කැප්ටන් ඩෝසන් කුළුන 

මොකද්ද මේ ඩෝසන් කුළුන කියන්නේ,එකත් හරිම රස කතාවක් .කොහොමෙන් කොහොම හරි සිංහලේ අන්තිම රජතුමා වෙච්චි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පස්සේ රට බාර ගන්නේ නායක්කර් වංශිකයෝනේ (ශ්‍රී විජය රාජසිංහ, කිර්ති ශ්‍රී රාජසිංහ ,රාජාධි රාජසිංහ ,ශ්‍රී වික්‍රම රාජසිංහ )

. ඉතින් රොබට් බ්‍රවුන්රිග් කියන ඉංග්‍රීසි පාලකයාගේ කාලේදී ,ඒ කියන්නේ ක්‍රි.ව.1815 දී අපේ රදළ පැලැන්තියේ කට්ටිය මද මහනුවරදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ අල්ලලා දෙනවත් එක්කම මෙච්චරකල් සිහලයින්ට කියලා තිබ්බ උඩරට රාජධානියයි ,මුළු මහත් ලංකාවයි ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් වෙනවා.
උපුටගනිමක් 

ඔන්න ඔය කාලේ මුළු රටේම පාලන බලය තියාගන්න කැරලි මර්ධනය කරන්න සේනා යවන්න ඕනේ වෙනවා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයට, මොකද ඒ කාලේ දැන් වගේ නෙවෙයි අවුරුද්දෙන් බාගයක්ම වැස්ස ,වසංගත පැතිරෙනවා.ගංගා උතුරනවා නිතර සබදතාවයන් තියාගන්න බැරිවෙනවා.මේ හින්දා ආණ්ඩුකාරවරයා මහනුවරට මාර්ගයක් හදන්න භාරදුන්නේ කැප්ටන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් කියන ඉන්ජිනේරුතුමාට ඒ 1818 දී . මෙතුමා භුමිය පරික්ශාකරලා වැඩේ පටන් ගන්නවා 1820 දී ,ඒ කියන්නේ ශ්‍රීමත් එඩ්වඩ් පැජට් කියන ආණ්ඩුකාරවරයාගේ කාලේදී.ඉතින් මෙහෙම පටන් ගත්ත වැඩේ කැළණි ගං මිටියාවත ,මා ඔය මිටියාවත ඔස්සේ වසර 10ක් පුරාවට ,ඒ කියන්නේ "රොබට් බ්‍රවුන්රිග් ,ශ්‍රීමත් එඩ්වඩ් පැජට් ,ශ්‍රීමත් ජේම්ස් කැමල් , ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් " කියන ආණ්ඩුකාරවරුන්ගේ ධූරකාල තුල ඉදිවෙනවා.
මහනුවර බලා 

කොහොමෙන් කොහොම හරි මේ පාර හදගෙන එද්දී , 1829 මාර්තු 29   ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් (කදුකර අලින් මුලින් උපුටා දැමු ආණ්ඩුකාරවරයා ) කියන ආණ්ඩුකාරවරගේ කාලේ ඩෝසන් ඉංජිනේරු මහත්තයා මිය යනවා .ජනප්‍රවාද තොරතුරු අනුව සමහරෙක් කියන්නේ වසංගතයක් පැතිරිලා එකෙන් ලෙඩ වෙලා මරුන කියලා.තවත් සමහරෙක් කියන විදියට සර්පයෙක් දෂ්ට කරලා මැරුණා කියනවා.කොහොම නමුත් මහනුවරට සැතපුම් 8ක් පමණ ඉතිරිවෙලා තියෙද්දී මේ ව්‍යසනය වෙලා තියනවා. වසර 1832 දී මේ මාර්ගය නිමවුමේ උපහාරය පුදන්ට ශ්‍රීමත් රොබට් විල්මට් හෝටන් (හෝටන්තැන්න අහලා ඇතිනේ,ඒ මෙයාගේ නමින් නම් කරේ ) ආණ්ඩුකාරවරයාගේ මුලිකත්වයෙන් මෙනන් මේ කුලුන කඩුගන්නව මුදුනේ උඩරටටත් පහතරටටත් මුහුණලාගෙන හැදෙනවා .
උපුටාගැනීමක් 

ඔන්න ඕකයි කතාව මෙතනට ආවමනම් හරි අපුරුවට කඩුගන්නාව නගරය ,බතලේගල පහල කඩුගන්නා නිම්නය දෙවනගල සාමසර කන්ද එහෙමත් පේනවා .

මෙහෙ එන අයට එන්න හරිම ලේසි කෝච්චියෙන් ,බස් එකෙන් කොහොම අවත කදුගන්නවේදී බැස්සනම් ඉතින් ඩෝසන් ඉංජිනේරු මහත්තයාගේ සිහිවටනෙත් බලාගෙන යන්න පුලුවන්.

වෙනද වගේම ඉල්ලන තියන කරුණු කාරනා ගොඩක් තියනවා ..කුරුටු ගාන්න එපා.එක හරිම අශිෂ්ඨයි.

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....

දෙවනගල ,බතලේගල ,සාමසර කන්ද 



 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Tuesday, April 28, 2020

උඩරට රාජධානියේ කඩුගන්නාවේ වතගොත - 01 ( එතිහාසික බලන කොටුව)

හරි යාලුවනේ  කියන්න අද මම කියන්න යන්නේ වෙනස් විදියේ විස්තරයක් ..මොකද මේක කන්දක්,දිය ඇල්ලක් නෙවෙයි.  හරි ලේසියෙන් ඕනෙම කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන් වැදගත්කමක් තියන තැන් කිහිපයක්.

ඕනිම කෙනෙක්ට ඉතාමත් පහසුවෙන් ලගාවෙන්න පුළුවන් තැන ටිකක් තමයි කඩුගන්නාව නගරය කියන්නේ.අද මම කියන්නේ මේ කඩුගන්නාව නගරය අවට ඔයාලට බලාගන්න පුළුවන්. දවසක් ඇතුලත යන්න පුළුවන් නියම තැන ටිකක් ගැන.වෙනදා වගේම කොල්ලෝ ටික ඔන්න ඇවිදින්න යන්න එකතු උනා.අපේ අවාසනාවට යන්න හිටපු පැත්තට හොදටම වහින හින්දා වැඩේ අතඇරලා දාලා අපි ලග පාත යන්න තියන බලන්න තියන තැන ටිකකට යන්න සුදානම් උනා.. 
                                                                                      කොහොමෙන් කොහොමෙන් හරි අපි යන්න තීරණය කරගත්තේ මෙන්න මේ තැන හතරට.හුග දෙනෙක් හිටියෙත් නෑනේ (පානි,මම,අබේ,බට්ටා,පුරෝ හිටියේ ඕක යන්න )

1.බලන කොටුව 
2.ඩෝසන් කුලුන 
3.බැලුම්ගල 
4.මුණ්ඩගිරිය 

බලන කොටුව 

හාවෙන් හුවෙන් අපි ගමන පටන්ගත්තා .අපේ පලවෙනි ඉලක්කය උනේ බලන කොටුව බලාගන්න එක.ඉතින් අපි කඩුගන්නාව බස් හෝල්ට් එකෙන් බලන යන බස් එකට නැගගත්තා.විනාඩි 40ක් විතර ගමන් කාලයක් ගෙවලා අපි ආව හතර කොරලේට/දැන් යටිනුවරට අයිති "බලන කොටුව" තියන තැනට.

බලන කොටුවේ ඉතිහාසය ගැන කියනවනම් දැන් තියන කොටුව පෘතිගීසි-ලන්දේසි කාලේ හැදු බලකොටුවක් ඒ කියන්නේ වර්ෂ 1600 ගණන් වල.පැරණි බලන දුර්ගය,කොටුව පිහිටලා තියෙන්නේ මේ ලන්දේසි කොටුවට ටිකක් උඩරට රාජධානිය ඇතුලට වෙන්න. මොකද මෙතන අදටත් කැනීම් කටයුතු කරලා නෑ (දුර්ගය තිබෙන ස්ථානයේ- අවාසනාවට මන් ලග චායරුපයකුත් නෑ ) . උඩරට රාජදානියේ රජ කරපු 1වන විමලධර්මසුරිය /කොනප්පු බණ්ඩාර රජතුමා ක්‍රි.ව.1592 දී තමා මුලින්ම මේ කොටුව හදන්නේ. 

හැබැයි මහාවංශයේ සදහන් වෙන විදියටනම් අනුරාධපුර යුගයේ පවා උඩරට අනු රාජ්‍යයක් හැටියට පැවතිලා තියනවා.ඒ සෙල්ලිපි සහ ජනප්‍රවාදවල සදහන් වෙන ආකාරයට ඈපාවරුන් මාපා වරුන් ලක්දිව දකුණු දෙසට වන්නට උප රජවරුන් ලෙස රාජකීය ඔටුන්න යටතේ පාලනය වූ බව සදහන් වෙනවා. ඒ වගේම පුරාවිදු පර්යේෂණ යටතේ අනුරාධපුර,පොළොන්නරු යුග වලට අයත් වෙන මුල්‍යමය හුවමාරු ක්‍රම තිබුනා කියලා මේ අවට ප්‍රදේශ වලින් සොයාගෙනත් තියනවා.ඒකට හේතු සාදකයක් හැටියට අනුරාධපුර යුගේදී භාවිතවුණු මස්ස ,අඩමස්ස කාසි ද , පොළොන්නරු යුගයේ මහා විජයබා රජුගේ දඹ රන් කාසිද, විහාර වංශය,තුපවංශය යන පැරණි කෘතින්ද මනා උදාහරණ වෙනවා.

තවද මහාවංශයේ සදහන් වන විදියට හා අතීත ජනප්‍රවාද වල සදහන් විදියට බලන,ගලගෙදර ,හසලක ආදී ප්‍රදේශ වල කඩවත් ගම (එනම් රාජ්‍ය සිමා හරහා ඇතුල් වන විට බදු මුදල් එකතු කල ස්ථාන පිහිටා තිබෙනවා.)
කඩුගන්නාව යන නම පටබැදීමට පෙර මෙම ප්‍රදේශයට "කඩවත්ගම" ලෙස හදුන්වා තියෙනවා. එයට සාක්ෂි අදටත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටලා තියනවා. උදාරණ විදියට අදටත් පිහිටලා තියන කඩවත්ගම කොස්ගස.කඩවත්ගම  රජපිහිල්ල දැනටත් කඩුගන්නාව ප්‍රදේශයේ ඔබලාට නැරබිය හැකි පුරාවිදු ස්ථාන.


හරි ඔන්න ඔහොම අනුරාධපුර,පොළොන්නරු,දඹදෙණි.යාපහු රාජධානි පහුකරගෙන මම එනවා එහෙනම් ඔන්න මහනුවරට, ඒ කියන්නේ මගේ වාසභුමියට/උඩරට රාජධානියට එකෙනුත් දෙනුවරට(පොඩි පුරාජේරුවක් කියන්නම් මගේ පරම්පරා දෙක ඉන්නෙත් මෙන්න මේකේ තමා ). ඒ කතාව එහෙම තියලා අපි මහනුවර යුගේ මෙතැන් ඉතිහාසේ කියමුකෝ .කතාව පටන්ගන්නේ 1 වෙනි විමලදර්මසුරිය රජතුමාගෙන්.මම කිව්වනේ මේක හැදුවේ කොයි කාලේද කියලා,මේක හදන්න භාරදුන්නේ රජතුමා යටතේ අමුනුපුර කියන අධිකාරිට එතන අක්කර 5ක භුමිබාගයක් පුරාවට මේ කොටුව පැතිරිලා තිබුන කියලා සාධක අදටත් ඉතිරිව ලේඛනගතව තියනවා.හොදම හරිය එක නෙවේ,අක්කර 5ක බලකොටුවේ ඇතුල්වෙන්න තිබිලා තියෙන්නේ එක දොරයි. සෙබළු 10000ක් විතර ඉන්න පුලුවන්. මේ කතා සියල්ලම ඇත්ත කියලා අදටත් ඒ ප්‍රදේශයේ ඉන්න පරම්පරා දෙකෙන් කියන්න පුළුවන්.( අමුණුපුර පරම්පරාව,රණසිංහ පරම්පරාව). 

මෙතන කොටුවක් හදන්න සුදුසුම පරිසරය එක පැත්තකින් පල්ලම අනික් දෙපැත්ත කදු යුගලකින් වටවෙලා එක පැත්තක් මහනුවර සානුව. වටේම බැලුවම අම්බුලුවාව පැත්තේ ඉදන් සාමසර කන්ද බතලේගල දෙවනගල ,අලගල්ල නෙල්ලිගල මුන්දගිරිය වටේම පේනවා.සතුරු ආක්‍රමණයක් කොහෙන් ආවත් දුර තියා පණිවිඩ හුවමාරුකරන්න පුළුවන් . 
බතලේගල 


ඉහිහාස කතා ප්‍රධාන වශයෙන් තුනක් මේ ආශ්‍රිතව කියවෙනවා එකක් තමයි ,

1.පලවෙනි විමලධර්මසුරිය රජතුමා වර්ෂ 1597 දී දන්තුරේ පෘතිගීසි බල ඇණිය අතර සටන 
2.සෙම්බගප්පෙරුමාල් හෙවත් අම්බුලුගල කුමාරයා යටතේ කිරිබත්කුබුරේදී ඇතිවූ සටන(රාජසිංහ රජු යටතේ සිදුවවක් කියාද සදහන් වෙනවා) 
3.දෙවෙනි රාජසිංහ ( යුද්ධෙට උපන් කුමරා ) ගන්නොරුවේදී ඇතිවූ සටන 

මේ කියන සටන් තුනේදීම සතුරාව පරාජය කරේ මෙන්න මේ බලන කොටුව මුල්කරගත් සටන් ක්‍රම නිසාවෙන් තමයි.

කොහොමෙන් කොහොමෙන් හරි මේ බලන කොටුවේ ඇතිවෙච්ච සටන් එක්ක "කඩවත් ගම"
 පසු කාලෙක "කඩුගත්ගම" වෙලා ඒක "කඩු ගල්ගෑව ,කඩුගන්නාව" කියලා නම පටබැදුනා කියලා ජනප්‍රවාදයේ සටහන් වෙනවා.

හරි මම එන්නේ කොහොමද කියන්නම්කො ,
1. පලවෙනි සහ ලේසිම පාර තමා කඩුගන්නාවට එන එක.ඔයාලට ඕනිනම් බස් එක ,දුම්රිය කියන ප්‍රවාහන ක්‍රම දෙකම පාවිච්චි කරන්න පුළුවන්.ලේසිම ලස්සනම ගමන තමයි දුම්රිය .එකෙන් කඩුගන්නාවට ඇවිල්ල එතන ඉදන් බලන බස් එකේ යන්න තියන්නේ හරිම ලේසියෙන් මෙතනට ලගාවෙන්න පුළුවන් .

2.දෙවෙනි පාර තමයි දුම්රියෙන් ඇවිල්ල බලන දුම්රිය ස්ථානයෙන් බැහැලා එතන ඉදන් බලන පාර දිගේ ඇවිදගෙන එන එක එක ටිකක් දුරයි.පොඩි කලේ පාරකුත් තියනවා පයින් එන්න තියනවා හැබැයි. 

බලන කොටුවට කතාකරන්න පුළුවන් නම් කොච්චරක් දේවල්නම් කියයිද ??
අපේ සිංහලයින් කොච්චර මෙතන සටන් කරාද ,කොච්චර රජවරු ගොඩක් මෙතනට ආව ගියාද ,ඒ සේරම කරේ සිංහලයේ අන්තිම රාජදානිය බේරගන්න කියලා.අපේ රට,අපේ සංස්කෘතිය බේරගන්න කියලා...
අලගල්ල 


ඉතින් මේ තමයි අපේ උරුමය,අපේ ඉතිහාසය ලියවෙලා තියන,අපේ ලේ වගිරිලා තියන අනාගත පරම්පරාවටත් කියලාදෙන්න තියන ,පෙන්නන්න තියන තැන්.මේවා රැකගන්න එක අපේ වගකීමක් මෙන්ම ඔබෙත් වගකීමක්.

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....

                            #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

                                          ඔබට සුබගමන් !!!!


   

Sunday, April 5, 2020

සුන්දර හගුරන්කෙතේ කුකුලාගල/දියතලා කදුවැටිය...

                                               ඔන්න එහෙනම් යාලුුවනේ  අදත් මම ඔයාලාට යන්න හොද තැනක් ගැන කියන්න තමයි සුදානම් වෙන්නේ.නම් ගොඩක් තියනවා එකෙන් ප්‍රධානම නම් තමයි "කුකුළාගල ,හගුරන්කෙත කන්ද,දියතලා කන්ද (කුකුලේක්ගේ හැඩයක් තියනවා වගේ )" කියන්නේ. මහනුවර ඉන්න කෙනෙක්ටනම් දවසේ හරි ලේසි ගමනක්.
කදුමුදුන 

                                ඉතින් වෙනදා වගේම ඔන්න අපි වෙලාවට :p ගමන පිටත් වෙන්න මහනුවර ඔරලෝසුකනුව ළගට උදේ 6 වෙනකොට එකතු උනා .කියන්න අමතක උනානේ මම මේ ගමන යන්නේ අළුත්ම කාණ්ඩයක් එක්ක , හැබැයි එදා ඒ සෙට් උන යාළුකම අදටත් තියනවා.අදටත් අපි එකට ගමන්බිමන් යනවා... අන්නේකයි වැදගත්. :v .හරි වැඩි කතා ඕනේ නැ , ගමනට මත එක්ක තව තුන්දෙනෙක් ගියා.(මේ ගමනේදී තමයි මට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගපෙන්නනෙක් හම්බුනේ. එයාගේ ලග තියන පාරවල්.එය හොයාගත්ත පාරවල්,ඒ අයියා සිතියන් ගතකරපු පාරවල් ගියපු ගමන් පින්තුර නැතත් කතන්දර හැටියට මම අහගෙන හිටියේ නිකන් පොඩි අය කතන්දර අහන් ඉන්නවා වගේ ,නමින් ඔහු ස්ටීව් අයියා ) .ඉතින් මේකට සහබාගි උන අනික් යාලුවෝ දෙන්නා තමයි උදේශ , දර්ශන.

                                              ඔන්න ඉතින් කතාව මෙහෙමයි පටන්ගන්නේ ,අපේ මාර්ගෝපදේශක ස්ටීව් අයියත් එක්ක එකතුවුන අපි උදේ 6.30 වෙද්දී ගුඩ්ෂෙඩ් එකෙන් හගුරන්කෙත බස් එකට නැගගත්තා. වෙනදා වගේම රස කතායි අලුත් අයියාගේ විස්තරත් අහන ගමන් උදේ 7.45 වෙද්දී හගුරන්කෙත ඔරලෝසුකණුව ලගින් බැහැගත්තා.බැහැපු ගමන්ම වෙනදා වගේ අපිට සුපුරුදු තේ කඩෙන් ක්‍රීම් ක්‍රැකරුයි තව අඩුම කුඩුම ටිකක් අරගෙන අපේ ගමනාරම්භය තියන තැනට යන්න හංදියේ ත්‍රිවිල් පාක් එකේ අයියා කෙනෙක් කතාකරගත්තා.
                                                                       
රන්දෙණිගල ජලාශය 
 ඉතින් පැයක විතර කාලයක් ගෙවලා හගුරන්කෙත-අධිකාරිගම පාරෙන් ත්‍රිවිල් එකෙනුයි පයිනුයි ඇවිත් අපේ කදු නැගීම පටන්ගත්තා උදේ 9 වෙනකොට ,ඒ හරිම ලස්සන හෙල්මලූ ක්‍රමේට තිබ්බ හාලා ඉවර උන වෙල් යායක අවසානයේ තිබ්බ ෆයිනස් යායෙන්. ඉතිං ස්ටීව් අයියා ගිය trail ගැන විස්තර කතාකරගෙන අපි දවල් 1.30 වෙනකොට කුකුලාගල කදු පන්තියේ , දියතලා කන්ද මුදුනට නැගගත්තා. 
                                   

         දවල්ට සුපුරුදු පරිදි ගෙදරින් ගෙනාව බත් එකත් කාලා,කදු පන්තිය දිගේ කදුපන්තියේ මැදක තියන දිය උල්පතේ දියසිරාව දිගේ පහලට බහින්න පටන්ගත්තා..ඒ ගමන අපිට ටිකක් ලේසි උනේ අපි නැග්ගේ ටිකක් වියලි කාලගුණයක් තියෙද්දී ඒ හින්දා පොඩි දිය සීරාවක තමයි බහින්න උනේ.. කැලැවේ යටිරෝපනයක් නැති හින්දා මම ඇතුළු දර්ශන,උදේශ ලිස්සලා වටෙන එක අමතක කරේම නෑ . 
                                                                                       
           
ඒ වගේම තමා කුකුලාගල කැලේ මාදන්,කරෝලකබිල්ල.ඇඹුල්පේර වලින් නම් කිසිම අඩුවක් නෑ .ඒ හින්දම පහලට එන ගමන උඩට ගිය ගමන වගේ දුෂ්කර උනේ ණා .මොකද අපි පහලට බැස්සේ ලොකු කරෝලකැ  බිල්ලයි,ඇඹුල් පේරයි මල්ලක් පුරවාගෙන.හවස 4.15 වගේ වෙද්දී (පයින් ගිය මුළු ගමන සම්පුරණ දුර 9km වගේ ඇති ) මනුස්ස ජනාවාසේකට යාන්තමින් බැහැගත්ත අපි එතන ගෙදරක තිබ්බ ත්‍රිවිල් එකකින් රිකිල්ලගස්කඩ ටවුමට 5.30 වෙද්දී සේන්දු උනා..හරිම ලස්සන මතක ටිකක් එකතුකරගෙන හරිම පරිස්සමින් රෑ 8 වෙද්දී ගෙදරට ආවා.......ඔන්න ඕකයි කතාව :v  .    



                                                   හරි මම දැන් කන්ද ගැනයි,පිහිටීම ගැනයි,බලන්න පුළුවන් දේවල් ගැනයි ඇවිදින ඔයාලාට වැදගත් වෙන කරුණු ටිකක් කියන්නම්. නමින් කුකුලාගල කදුවැටිය (මධ්‍යම  පළාතේ ,මහනුවර දිස්ත්‍රික්කයේ ) එක අන්තයක තමයි පිහිටලා තියෙන්නේ. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව උසම ස්ථානය 1530m විදියට තමයි සටහන් වෙන්නේ. කන්දේ නැගෙනහිර පැත්තට වෙන්න වික්ටෝරියා ජලාශය/වේල්ල ,රන්දෙනිගල ජලාශය බලාගන්න පුළුවන් බස්නාහිරට වෙන්න ලුල්කදුර/කොන්ඩගල පිදුරුතලාගල කදු පන්තිය හගුරන්කෙත රිකිල්ලගස්කඩ බලාගන්න පුළුවන්.දකුණු පැත්තට වෙන්න මන්දර්ම්නුවර,පිතුරුතලාගල මුදුන බලන්නත් පුළුවන්..
පිදුරුතලාගල 

ඔන්න එහෙනම් මම දැන් යනවිදිය කියන්නයි යන්නේ. 

1. කලින් කිව්වා වගේ නුවර ඉදන් යන කෙනෙක්ට මුළු කදුපන්තියම එක දවසයි . හරි නුවරින් බස් තියනවා හැගුරන්කෙතට විනාඩි 30න් වගේ.අපි නම් පිටත් උනේ 6 පහුවෙලා .නුවර ඉදන් හැගුරන්කෙතට පැයක් වගේ තායි දැන් නම් යන්නේ.එතන ඉදන් අදිකාරිගම පාරේ මෙනන් මේ තැනට යන්න ඕනේ..ඔයාලට පුළුවන් නම් ත්‍රිවිල් එකක යන්න එක හරිම ලේසි. ඒ දවස්වල නම් රුපියල් 400යි. (ඔයාල එන්න ඕනේ උඩවත්ත කුබුරුයාය ඉවරවෙන තැනට.)



2.පටන්ගන්න තැන ඉදන් පැය 3 - 4 ක් වගේ යනකොට කදු මුදුනට යන්න පුළුවන්. මතක් කරලා කූඩෑල්ලන්ට ගන්න බෙහෙතක් අරගෙන යන්න,ඒ වගේම වතුර බෝතලයක් දෙකක් ගෙනියන්න අමතක කරන්නත් එපා. 
                                                                                       උඩවත්ත කුබුරු යයට  


අදිකාරිගම පාරෙන් ගිහින් බහින ස්ථානය 


3. අපි නම් ගියේ මෙන්න මේ බඩු ටිකේ උදව්වෙන් තමයි. (ලොකු ලොකු දේවල් තිබ්බේ නෑ ඒ කාලේ :P ).
මෙන්න මේ ලකුණු කරලා තියන පාරෙන් යන්න ලස්සන පින්තුර එකතුවක් වගේම හොද රස පලතුරුත් කන්න පුළුවන්. 


4.හවස 4.30 වගේ වෙද්දී බය නැතුව මනුස්ස වාසෙකට එන්න පුළුවන්.හැබැයි පොඩි මුදලක් වියදන් කරන්න වෙනවා ටවුමට එන්න විනාඩි 20කින් වගේ. රිකිල්ලගස්කඩ ඉදන් දැන් නම් රෑටත් බස් තියනවා 9 වෙනකන්.
දර්ශන, මම ,ස්ටීව් ,උදේශ 

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Saturday, November 16, 2019

පළමු තේ ගසේ වතගොත සැගවුණු ලූල්කදුර වතුයාය සහ කොණ්ඩගල ....

ඔන්න එහෙනම් යාලුවනේ අවුරුදු දෙකකට පස්සේ  ආයෙත් අපුරු චාරිකාවක් ගැන විස්තර කියන්නයි යන්නේ,

කදු නගින්න හිතන් ඉන්න/කදු නැගිල්ල ආරම්භ කරන්න හිතන් ඉන්න/දවසේ නිවාඩුවකට /පවුලේ අයත් එක්ක කදු නගින ඇවිදින අත්දැකීමගන්න හිතන් ඉන්න අයට කියපු තැනක් තමයි මේ කියන්න යන්නේ,
නමින්  "ලුල්කදුර වතුයාය/කොන්ඩගල කදු පන්තිය"


මෙතන කොච්චර ලස්සනද කියනවා නම්,උදේ ඉර උදාව ලුල්කදුර වතුයායේ ඉදලත්, ඉර බැසීම කොන්ඩගල කදු මුදුනේ ඉදලත් හරිම ලස්සනට බලන්න පුළුවන්. ඒ වගේම තෙත් වියලි පරිසර පද්ධති දෙකේම වෙනස ඉතාම හොදට අධ්‍යයානය කරන්නත් පුළුවන්.

තව විශේෂත්ව ගොඩක් තියනවා පිළිවෙලට කියනවා එහෙනම්.     

1. අපිට තේ කියන ශාකය ලැබුණේ සුද්දාගෙන් නේ.ඒ 1864 ,ඔන්න ඔය පළවෙනි තේ ගහ ගෙනල්ලා ඉස්සරෝම හිටෙව්වේ මෙන්න මේ කියන ලූල්කදුර වතු යායේ."සර් ජේම්ස් ටේලර්" කියන සුදු මහත්තයා තමයි 1867 දී ලූල්කදුර වතු යායේ මේ තේ වගාව ආරම්භකරේ.අදටත් ඔයාලට සර් ජේම්ස් ටේලර් හිටපු බංගලාවේ දුම් කුලුන,ළිද ,ඔහු අසිරිය නරබපු ටේලර් සිට් එක බලාගන්න පුළුවන්.(මගේ මතයට අනුවනම් තේ කියන්නේ සුද්දා අපේ පොලවේ තියන සාරය උරා බීපු /බොන්න ලංකාවට ගෙනාපු දෙයක්.ඔයාලාගේ මතය කොහොම වෙඉද දන්නේ නැ.මොකද ජාල පෝෂක ප්‍රදේශ මුලික කරගෙන තමයි මේ තේ වගාව ලංකාවේ ජයටම කරගෙන ගියේ.එකේ අතුරු ප්‍රථිපල අපි දැන් වෙනකොට බුක්තිවිදිනවා. උදා:- බදුල්ල දිස්ත්‍රික්කයේ බොහොමයක් ජල දහරා මේ වෙනකොට වර්ශාකලයට පමණක් සීමාවෙලා තියනවා.)

2.මේ වතුයාය පිහිටලා තියෙන්නේ මහනුවර හා නුවරඑලිය දිස්ත්‍රික්කයේ මායිමේ.ඒ හින්දා ජාල දහරාවලින්,දියඇලි වලින් නම් කිසිම අඩුවක් නෑ .ඒ වගේම නුවර එලි සිසිලසයි,මීදුමයි,මහනුවර සෞම්‍යයය කාලගුනයයි අත්විදගන්න පුළුවන් තැනක් තමා ලූල්කදුර කියන්නේ.

3.තවත් ප්‍රසිද්ද එක දෙයක් තියනවා,මේක වැදගත් වෙන්නේ කදුනගින අයටයි,චායාරූපකරණයේ යෙදෙන අයටයි .කොන්ඩගල /ලූල්කදුර පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල රක්ෂිතයේ එක අන්තයක.ඒ වගේම රාවණා රජතුමාගේ දඩුමොනරේ ගොඩබාපු chariot path කියන ස්ථානයට ප්‍රවේශ වෙන්න තියන එක දුර්ග මාර්ගයක් ආරම්බවෙන්නෙත් මේ වතුයායෙන්.(හැබැයි මේක යන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් -FD එකෙන් අවසර ගන්න නම් වෙනවා)

4.මහවැලි කර්මාන්තයේ හදපු වික්ටෝරියා ජලාශය වේල්ල හොදට බලාගන්න පුළුවන් වේවි.. ඒ වගේම දිය අලි දෙක තුනකුත් බලාගන්න පුළුවන්.එක එක පසෙකින් හන්තාන කදුවැටිය නොවරදවාම බලාගන්නත් පුළුවන් වෙයි.

හරි එහෙනම් වැදගත් ටික කියලා ඉවරයි.දැන් තියෙන්නේ මගේ පම්පෝරිය.ඉස්සරෝම මම මේ ගමන ගියේ 2008දි.හැබැයි මන් ලග කැමරාවක් තිබුනෙනේ නෑ .ඒ හින්දා විබාගේ එහෙම ඉවරවෙලා 2013 යාළුවො සෙට් එක එක්ක ඔන්න මේ ගමන යන්න ප්ලෑන් කරගත්තා. වෙනදා වගේම සෙට් එකේ කීපදෙනෙක් මේකට එකතු උනා.(අබයයි,ශවියයි,එලයයි,පුරෝහිතයි,මායි).තුන්වෙනි පාර ගියේ 2018දී පවුලේ චාරිකාවක් විදියට (2008-2018 කාලය තුල හුගක් ජාල මුලාශ්‍ර හිදිලා ගිහිනුයි තිබ්බේ).

වැඩි වැඩ ඕනේ නෑ ..යන්නේ කොහොමද කියලා කියන්නම්කො.(හොදම විදිය තමා තමන්ගේ වාහනෙකින් යන එක-පවුලේ චාරිකාවක්නම් / හැබැයි කොල්ලනේ කෙල්ලනේ ඔයාලා යනවනම් අනිවාර්යයෙන්ම දවස් දෙකක් තියාගෙන යන්න මොකද මම මුලින් කිඋව වගේඇවිදින ,කදු නගින ඔයාලාට රාත්‍රියක් ගත කරන්න චායරුප ගන්න හරිම වටිනා ගමනක් වේවි මේක.)

1.මාර්ග ගොඩක් නෑ.එකයි තියෙන්නේ.වෙනදා වගේම මගේ ගමන් ආරම්භය මහනුවර නගරය.නුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් ඔයාලා නගින්න ඕනේ දෙල්තොට බස් එකට ඒ බස් එකෙන් දෙල්තොටට යන්න ඕනේ.හරිම ලස්සන ගමනක් මේක.මොකද හන්තාන මුළු කදුවැටිය හරහාම මේ මාර්ගය දෙල්තොට වෙනකන් යනවා.ආසන්නව පැය එකහමාරක් වගේ ගමනට යනවා.ඊටපස්සේ දෙල්තොටින් හේවාහැට බස් එකේ නැගල ලූල්කදුරට ටිකට් ගන්න. එකාලේනම් එක්කෙනෙක්ට රුපියල් 120ක් වගේ ගියේ මතකේ හැටියට.ලූල්කදුරට ඇතුල් වෙන්න රුපියල් 50ක ටිකට් එකක් ගන්න වෙනවා.එච්චරයි.මෙන්න තියනවා මැප් එක.


සැ.යු :-

1.බබරු ඉන්නවා ටිකක් පරිස්සමින්

2.වැස්ස කාලෙටනම් යන්න එපා.හොද පැහැදිලි අහසක් තියන දවසක ගියොත් හරි ලස්සන පරිසරයක් දකින්න පුළුවන් වේවි.



ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Friday, July 14, 2017

සැගවුණු දියඇලි සපිරි " ග්‍රේට් වෙස්ටර්න් " කදුවැටිය ... # #

ඔන්න එහෙනම් යාලුවනේ සිසිලසේ මායිමේ හිටපු අපි බදුලු දුම්රියෙන් සිතල කලාපෙට ඔයාලව එක්ක යන්නයි සුදානම් වෙන්නේ.. සුද්දගේ කාලේ නම් කරපු කදුවැටියක් , නමින් " Great Western (ග්‍රේට් වෙස්ටර්න් ) ". දැනට හදුනාගෙන තියන විදියට ලංකාවේ තියන 7 වැනි උසම කන්ද, උසින් 2212m ක් වෙනවා, පිහිටලා තියෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ . තලවාකැලේ නගරයට මිහිදුමෙන් වැහිලා පෙන ලස්සන කදුවැටිය තමා මේ great western කදුවැටිය. . .. 
                                                              1969 ට පස්සේ අද වෙනකන් මුළු ලංකාවේම කදුවල උස මැනිමක්,සිතියම් ගතකිරීමක්,බිම් මැනුමක් සිද්ද වෙලා නෑ (කලින් 6 වුනාට දැන් 7 එහෙම වෙන්නේ කුඩහගල කන්ද එහෙමත් නැත්තන් අග්‍රා බෝපත් කන්ද හින්දා)... :p 



ප්‍රශ්නයක් නේද ?? කොහොමද මේ නම මේ කන්දට ලැබුනේ කියන්න ... මම අහලා දැනගත්ත හැටියට මේකට මේ නම වැටෙන්න කතා දෙකක් තිබිලා තියනවා .

1. එක තමයි සුද්දගේ කාලේ කියන්නේ ලංකාවේ තේ වවපු කාලේ . අන්න ඒ කාලේ වතු හාම්පුතෙක් ඉදලා තියනවා වෙස්ටර්න් කියලා ... අන්න එයාව සිහිවෙන්න නම තිබ්බා කියලා කියනවා..

2. දෙක තමයි සුද්දගේ කාලෙනේ රේල්පරවල් හැදුවේ. අන්න ඒ කාලේ සුද්දෝ මෙතන නවාතන්ගන්න හරිම කැමතිලු... සුද්දෝ නෙවෙයි ගිය අපිටත් ඉන්න හිතුනා ..මොකද දිය ඇලි ,ලස්සන, ඒ වගේම සිතල හරියටම සුද්දෝන්ගේ රටේ තියන great western නමින් හැදින්වෙන කදුපන්තිය තිබෙන භූමියට හරිම සමානයිලු, ඉතින් ඒ හින්දත් මේ නම තිබ්බා කියලා කියනවා.


කොහොම කොහොම හරි දැන් මේ කන්ද සංචාරකයින් අතරේ හරි ප්‍රසිද්දියට පත්වෙලා තියනවා ..හැබැයි මම ගිය ගමන් වලින් ටිකක් අමාරු කදු තරණයක්, මොකද යන්න පුළුවන් හරිම සීමිත කාලයකදී විතරයි.මොකද වැඩි මාස ප්‍රමාණයක් වර්ෂාව අදහලෙනවා . ඉහළකොත්මලේ ජලාශයේ ජලපෝෂක ප්‍රදේශයක් හැටියටත් මේ කලාපය හදුන්වනවා . හැටන් ඔය, එහෙම නැත්තන් මහවැලි ගගේ අතුශාඛාවට ජලය සපයන ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයක් . 

කන්ද මුදුනට නැග්ගම හෝර්ටන් තැන්න , ලෝකාන්තය , කිකිලියාමාන, සප්ත කන්‍යා , ශ්‍රී ලානකිකයින්ගේ මුදුන්මල්කඩ වුන ශ්‍රීපාදය , ඉහලකොතමලේ සහ තවත් අලංකාර ස්ථාන ගොඩක් දැකබලාගන්න පුළුවන් .


ඉතින් වෙනදා වගේම දර්ශනයි ,උදේශයි, මායි ගමනට එකතු උනා. ඒ වගේම මේ ගමනේදී හසල පළපුරුද්දක් තියන වයසක කොල්ලෝ දෙන්නෙක් එකතු උනා :p  (කෙනත් ,ස්ටීව් අයියලා) .. ඒ වගේම great western වලින් අපිට ගම වැසියෙකුත් සහය උනා... වැඩි කතා පැත්තක තියලා ඔයාලට යන්නේ කොහොමද කියලා කියන්නම් ..


1. හරිම ලේසි ගමන තමා දුම්රිය ගමන ,එකෙත් රාත්‍රී බදුල්ල තැපැල් දුම්රිය . පාන්දර 2.30 වෙනකොට ඔයාලට great western දුම්රිය ස්ථානයෙන් බැහැගන්න පුලුවන් .  දුම්රිය නැවතුමේ තියන විවෙකගාරේ නැවතිලා ඉදල උදේම ගමන පිටත් උනා නම් උදේ 11 වෙනකොට උඩට යාගන්නත් පුළුවන්... රාත්‍රිය ගත කරනවනම් ඒකටත් සුදුසුම තැනක් තමයි මේ කදුවැටිය.. :D දුම්රිය පොලේ ඉදන් බදුල්ල පැත්තට ටිකක් ඇවිදගෙන යනකොට හම්බවෙනවා පාලමක් .. එක පහු කරනකොට වම් අත පැත්තට යන්න තියනවා පොඩි තාර පාරක් එකේ පොඩි දුරක් ගිහින් කෑලේ ඇතුලට හැරිලා දිය අැලි 2කක් හරහා මාරු වෙලා තමයි කන්ද නගින්න යන්න තියෙන්නේ ..


සැ.යු :- 

1.නුවරඑළියේ තියන passion fruit අඩුවක් නැතුව කන්න පුළුවන් හොදම ගමනක් ..


2. බබරු ඉන්නවා ගමන පරිස්සමින්

3. ගමන් මග ලිස්සන සුළුයි .. පරිස්සමෙන් යන්න.. ඒ වගේම වර්ෂාවට සුදානමින් යන්න.


ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Friday, January 13, 2017

සිසිලසේ මායිම .. මොණර කන්ද (Peacock hill) ..... #

                                                                       ඔන්න ඉතින් යාලුවනේ මම අද කියන්න යන්නේ සීතලයි රස්නෙයි වෙන්වෙන කවුරුත් වැඩිය නොදන්නා මායිම් කන්දක් ගැන.. හිතාගන්න්න පුලුවන්ද ඒ මොකද්ද කියලා... හැඩයෙන් මොනරෙක්ට සමානයි .. ඒ වගේම මේ කියන කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළියයි මහනුවරයි දිස්ත්‍රික්ක වෙන් කෙරෙන මායිමේ ..එළවලු වගාවට හරිම ප්‍රසිද්ධ ප්‍රදේශයක් හැටියටත් මේ කන්ද පිහිටලා තියන ප්‍රදේශය හැදින්වෙනවා ...( බාලෙත් එක්ක මරුටියක කන්ද නගින්න ගිහින් හොද කතා අහගත්ත අතිතෙකුත් තියන ගමනක් තමා මේක :p ).
Via Doragala road
                           හරි ..වැඩි විස්තර ඕනේ නැනේ ,මම කෙලින්ම කතාවට බහින්නම් .. වෙනදා වගේම හොදට පාරවල් ගැන දන්නවා කියලා හිතන් ඉන්න අපේ කොල්ලෝ සෙට් එකක් තමා මේ ගමනටත් සෙට් උනේ. 2014 දෙසැම්බර් මාසේ වගේ. මොකද කලින් පාර ගිහින් මිදුම බලලානේ ආවේ .. :v :p 
උදේ 6 ට විතර ඔන්න කට්ටියම කොහොම කොහොම හරි මහනුවර බස් නැවතුම්පලට සෙට් උනා..... මේකට සහභාගි උනේ සමනලයයි , පානී,බට්ටි ,බස්සයි ,අබෙයි ..ඔන්න ඉතින් වෙනදා වගේම එක එකාට ලජ්ජා කරගන්න ගමන් ගමන පිටත් උනා.
To_the_peak
                                                               ඉතින් මන් මේ කන්දේ නම කියුවේ නැනේ ... සිංහලෙන් නම් " Peacock Hill" ..ඉංග්‍රීසියෙන් නම් " මොණර කන්ද " කියලා තමයිලු කියන්නේ :p , උසින් නම් මීටර 1518 ක් . මේ කියන කන්දට කිට්ටුම නගර තමයි දුටුගැමුණු කුමාරයා තමන්ගේ රාජධානියෙන් පැනලා ඇවිල්ලා  හැංගුන කොත්මලේ  කියන නගරය .මේ ගමනේදී ඔයාලට වෙලාව තියනවනම් කොත්මලේ මහා සෑය ,ඒ වගේම කොත්මලේ ජලාශයට යටවුන කඩදොර කියන පන්සලේ නටබුන් බලාගන්න පුළුවන් . මොණර කන්ද පිහිටලා තියෙන්නේ දොරගල කියන ප්‍රදේශයේ , ඉතින් මේ වගේ ඉතිහාසත්මක වැදගත්කමක් තියන ප්‍රදේශයක තමා මේ මොණර කන්ද පිහිටලා තියන්නේ .මහනුවර සිටින්නෙක්ට නම් එක දවසක ගමනක් ..
Getting_very_near

                       දැන් මන් කියන්නම් මොනරකන්දට නැග්ගම ඔයාලට බලාගන්න පුළුවන් මොනවද කියලා .. කන්දේ එක පැත්තක් සීතලයි අනික් පැත්ත ටිකක් උණුසුම් ගතියක් තියනවා. ඉතින් මේ කඩ මුදුනට නැග්ගම ඔයාලට බලාගන්න පුළුවන් දිය අලි කිහිපයක් තියනවා. ප්‍රධාන වශයෙන් රම්බොඩ ඇල්ල,ගැරඩි  ඇල්ලත්, ෆ්රෝටෝෆ්ට් , chariot path ප්‍රදේශයත් , ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ වුන ශ්‍රී පාදයත් , great western කදුවැටියත්  කිකිලියාමන කන්දත් , ලංකාවේ ඉහලම පිහිටුම ලකුනුවෙන පිදුරුතලාගලත් , නාවලපිටියේ පිහිටි දොළොස්බාගය කදුවැටියත් ...ඇත ලගින්ම කඩදොර ගම්මානය සහ කොත්මලේ ජලාශයත් බලාගන්න පුළුවන්.. තව මෙකි නොකී බොහොමයක් ස්ථාන එකවර දැකගන්න පුළුවන් හරි ලස්සන තැනක් තමයි මොණර කන්ද කියන්නේ ... 

viewing ramboda,garendi falls, chariot path, frotoft. great western range and kotmale resorviour 


                       හරි දැන් එහෙනම් මම ඔයාලට එහෙට එන පාරවල් කොහොමද කියලා කියන්නම්කො.... වෙනදා වගේම මගේ ගමනාරම්භය තමයි මහනුවර නගරය.. මහනුවර නගරෙයේ ඉදන් නම් පැය 2 1/2 ගමනක්..
kotmale temple

1. පලවෙනි මාර්ගය තමයි මහනුවර නුවර එලිය මාර්ගයේ ඇවිත් ,පාර දෙක හන්දියෙන් බැහැලා එතන ඉදන් දොරගල යන වෑන් එකක හරි බස් එකේ හරි යන එක රුපියල් 60ක් වගේ වෙනවා එතනින් දොරගල තේ කර්මාන්තශාලාව ලග බැහැලා 2 1/2 km වගේ පයින් ගමනක් තියෙන්නේ ..

2. අනික් මාර්ගය තමයි මනුවර නුවර එලිය මාර්ගයේ ඇවිත් ගම්පල පහුවෙනකොට තියන කොත්මලේ පාර .. එකෙන් ඇවිල්ල කොත්මලේ ජලාශය බලලා , කොත්මලේ සයත් වැදගෙන ඒ පාර දිගේම උඩට ඇවිල්ල දොරගල තේ කර්මාන්තශාලාවට ඇවිල්ල මන් කියුව පාර .. 

3 නුවරඑළියේ ඉදන් එන කෙනෙක්ටනම් පුස්සල්ලාවෙන් කොත්මලේ පාරේ ඇවිල්ලා මන් 2වෙනියත සදහන් කරපු ගමන් මාර්ගය .. 
                                                               
ඔන්න එහෙනම් මම ඔක්කොම  විස්තරේ කිවුවා.. අමතක උන එකක් තිබ්බොත් අයෙත් දාන්නම් ...

සැ . යු :-( google image ද උපුටාගෙන ඇත,  හුදෙක් ගමන් මාර්ගය අවබෝධය පිණිස මෙසේ සටහන් කොට ඇත.)



ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....


Crew


 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!