Monday, May 25, 2015

නකල්ස් මුවදොර.... හුන්නස්ගිරි කදුවැටිය ....

ඔන්න එහෙනම් යාලුවනේ මම මගේ 3වෙනි post එක තමා මේ දාන්න ලෑස්තිවෙන්නේ .බලන්නකෝ ඔයාලත් මෙහෙ ගිහින් තියනවද කියලා . නැත්තන් අනිවාර්යෙන්ම යන්න අමතක නොවෙන ගමනක් වෙයි. 
පන්විල නගරයේ සිට හුන්නස්ගිරි මුදුන පෙනෙන ආකාරය 



 නමින් " හුන්නස්ගිරිය කන්ද " ,කවියකුත් තියනවනේ 
                     
                      බතට කන්න බැරි බතලේගල කන්ද
                     හුණට කන්න බැරි හුන්නස්ගිරි කන්ද .........කියලා 
මීමුරේ  හුන්නස්ගිරිය මාර්ගයට දිස්වන අයුර  


උසින් මීටර 1514 වෙනවා පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ, පන්විල හුන්නස්ගිරිය කියන ප්‍රදේශ ඇසුරු කරගෙන, ඒ වගේම තමයි මේක පිහිටලා තියෙන්නේ නකල්ස් රක්ෂිතයේ,"campbell's lane forest reserve" කියන රජයේ ඉඩමේ . කදුකර තෙත් කලාපයේ හින්දා ජල දාරා වලින් නම් කිසිම අඩුවක් පාඩුවක් නැ .හරිම සිතල දේශගුණයක් තියන පරිසර පද්ධතියක්.

                         
ගමන අතර තුර අසිරිය 
  මහනුවර නගරය පහුකරගෙන තන්නේකුබුර පැත්තට යද්දී ඔයාලට මේ සුන්දර පිහිටීම බලාගන්න පුළුවන්. කන්ද උඩට නැග්ගම් නැගෙනහිර පැත්තට වෙන්න ඔයාලට බලාගන්න පුළුවන් නකල්ස් සුනදරිය , ඒ කිවුවේ නකල්ස් කදුවැටිය . ඒ වගේම බටහිරට වෙන්න පේනවා මාතලේ තියෙන විල්ෂෙයා කන්ද.

                                            දැන් එහෙනම් කතාවට යමුකෝ ....අපිනම් හරි පාරේ ගිහින් පාර මගදී වැරදිලා කැලෑවක් මැදින් ගිහින් අලුත්ම අත්දැකීමක් ලබාගත්තා .එහෙම උනේ හැමදාම වගේ අතරමන්වෙන මගපෙන්වන්නා එක්ක ගිය හින්දා(යකාමියායි,අතායි). හැබැයි ඉතිං දැන් නම් අතරමන් වෙන්නේ නෑලු :v :p ...කොහොම කොහොම හරි එදා ගමනට නම් 11 දෙනෙක්ම සෙට් උනා (මමයි,අනුරුද්ධ,ක්ෂාරපානි,ඉසුරංග,මාධව,ගයාන්,කාවින්ද,ලහිරු බටර්,ලහිරු බට්ටා,අතාවුද).


                                          ඒ වගේම එදා අපේ පානියාගේ අලුත්ම කදු හොයාගැනීමේ ක්‍රමය වෙන ජි.පී.ඇස් (GPS) සිට්ටම් එකත් අත් හදා බලන්න පුළුවන් උනා.(කැලේ මැදට මොන සිග්නල්ද.. :v ) ,තවත් සිද්දියක් උනා කැලේ කපන්න පිහි ගෙනිච්චේත් නැනේ ඒ හින්දා පොලු වලින් තලාගෙන තමා අපි නම් ගියේ,ඔය අතරේ තව ඩින්ගෙන් ගහේ ගේ මලගේදරත් ගන්න වෙනවා මොකද තලාගෙන තලාගෙන යද්දී හෙලෙන් පල්ලෙහට වැටෙන්න ගිය හින්දා ...මොනවා උනත් එනකොට නම් ආවේ හරි පාරේ. 
හතාලේ තේ වත්තට හුන්නස්ගිරිය දිස්වන අයුර 


                                                                                         ඒ හින්දා අතරමන් වෙන්න ඕනේ අයට ඒ පාරත් කියන්නම් ... කදු තරණය කරන අයට තව පාරක් තියනවා එක වැහිලා තියෙන්නේ කැමතිනම් නගින්න එකත් කියන්නම් ..නැ නැ තව පාරක් තියනවා ,ඔක්කොම කියන්නම් .

 මහනුවර නගරය පහුකරලා ලේවැල්ල හන්දිය එහෙම පහු උනාම තැන්නේකුඹුර  පාරට පේන උසම කන්ද තමා මේ " හුන්නස්ගිරිය " කන්ද කියන්නේ. දැන් එහෙනම් අහග්නකෝ මේකට යන පාරවල් ටික,....



හැමදාම වගේ මගේ ගමනාරම්භය නම් මහනුවර නගරය තමා . නුවරට ඇවිල්ලා ඔරලෝසු කනුව ලගින් ඔයාලා නගින්න ඕනේ වත්තේගම බස් එකට, ඒකෙ ඇවිල්ල බහින්න වත්තේගමින් . ඊට පස්සේ  තමා පාරවල් ටික තියෙන්නේ.. 

                         වත්තේගමින් පාර 2ට බෙදෙනවා (වත්තේගම දුම්රිය ස්ථානය ලගින් ) . වමට ගියොත් ඇල්කඩුව පැත්තට, දකුණට ගියොත් පන්විල හරහා බඹරැල්ලට යන්න පුළුවන් (බඹරැල්ලෙන් තමයි නකල්ස් නගින්නේ.. ඒක මම වෙනම post එකකින් කියන්නම්කො)

1. එහෙනම් මෙන්න පලවෙනි පාර... මම කිව්වනේ වත්තේගමින් පාර 2ට බෙදෙනවා කියලා..එහෙනම් මේ කියන්නේ ඇල්කඩුව පැත්තෙන් ගියාම ගමන යන හැටි.(ඕනේ නම් යන ගමන් සෙම්බුවත්තත් යන්න පුළුවන්,හැබැයි වෙලාව මදිවෙයි ) ඇල්කඩුව පාරේ ගිහින් " hunnas falls " කියන දිය ඇල්ල ලගට යන්න ඕනේ. එතන ඉදන් ඉතිං කැළේ මැදින් තමයි ගමන තියෙන්නේ.
හුන්නස් falls දිස්වන අයුර 



                                       ඔන්න ඉතිං " hunnas falls" දිය ඇල්ල ලගින් ගමන පටන්ගෙන ඔයාලා යන්න ඕනේ " upper hunnas falls " දිය ඇල්ල ලගට එතන ඉදන් ඔයාල ඇතුල් වෙන්නේ "campbell's lane forest reserve" කියන නකල්ස් රක්ෂිතයේම එක කොටසකට එතන ඉදන්  ඉතිං කන්ද මුදුනට ගමන කැළේ මැදින් තමා.. මම ඔය පෙන්නලා තියන සිතියෙමේ කළු පාටින් තියන පාර හරිම දුෂ්කර පාරක් කියලා තමා කියන්නේ.(මම ගිහින් නැති හින්දා වගකීම බාරගන්නේ නැ ,නමුත් කදු තරණය කරන්නන්ට නම් සුවිශේෂී ගමනක් වෙයි ඒක) " hunnas falls " හරහා යන පාරත් ඒ වගේම අමාරුයි කියලා තමා ගිය අයනම් කිවුවේ . 



2. මෙන්න එහෙනම් දෙවෙනි පාර.. මේකේ තමා අපිනම් ගියේ එක ලේසි(මොකද තඩියෝ දෙන්නෙක් එක්ක ගියානේ.. නිකන් අමාරු ඒවගේ ගිහින් ඉල්ලන් කන්න ඕනේ නෑනේ .. එත් ගියේ කැලේ මැදින් තමා).... මෙන්න එහෙනම් පාර... ඔයාලා වත්තේගම නගරයෙන් බැහැලා පන්විල හරි බබරැල්ල හරි යන බස් එකක නගින්න.ඒකෙ ගිහින් යන්න ක්‍රම 2ක් තියනවා.

                           එකක් තමා පන්විල තැපැල් කන්තෝරුව ලගින් උඩට තියන කොන්ක්‍රීට් පාරේ ගිහින් ,පස් පාරක් තියනවා එක දිගේ උඩට යන එක.එතකොට වැටෙන්නේ "හාතලේ තේ වත්තට ". ඒ තේ වත්ත දිගේ  දිගේ ගියාම ඔයාලා ඇතුල් වෙනවා  "campbell's lane forest reserve" ඒකට එතනින් ඇතුලට ආයෙත් අඩි පාරක් තියනවා .ඊකෙ යන්නයි තියෙන්නේ මගදී යනකොට ඔන්න රසම රස දොඩම් වර්ගයක් එහෙම හම්බවෙයි . දැක්කේ නැ වගේ යන්න හොදේ,අපි නම් කෑවා  :p .
                                                                                                  ඒ කොන්ක්‍රීට් පාර පටන්ගෙන ටිකක් යනකොට ෆයිනස් කැලයක් දකී ඊක දිගේ නැග්ගොත් පොඩි ජොලියක් තියෙයි අපි නම් ගියේ ඒකෙ. 


                               අනික් ගමන යන්නේ මෙහෙමයි,අමාරුවක්ම නැතුව යන්න පුළුවන්.වත්තේගමින් බඹරැල්ල බස් ඒකට නැගලා ටිකට් ගන්න හාතලේ තේ වත්තට කියලා . ඊට පස්සේ බස් ඒකෙන් එතන බැහැලා දිගටම පාර දිගේ යන්නයි තියන්නේ. මන් කලින් කිවුව පාරයි මෙකයි මගදී එකතු වෙනවා. 



3. මේ පාර පටන් ගන්නේ මඩොල්කැලේ වතු යායෙන් .ඒකෙ දිගේ ආවම ඔයාල හතාලේ වතු යායට එනවා. එතනින් පරණ පාරෙමයි, ඒක ඉතිං දුර වැඩි. එක හින්දා කවුරුත් එහෙම යන්නේ නැ.යන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් යන්නයි මම ඒ පාර කිවුවේ.
Hatale tea estate

පන්විලින් යන පාරයි " hunnas falls " වලින් එන පාරයි කන්ද මුදුනේදී ඒකට හම්බ වෙනවා. ඒ හින්දා ඔයාල කැමති විදියකට නගින්න බහින පුළුවන් . කොහොම උනත් පන්විලින් බහින එක තමා වඩාත්ම සුදුසු. දවස් 2ක් වගේ ඉන්න යනවනම් කැමති විදියකට ගමන අවසන් කරගන්න පුළුවන්.


             ඔයාලට මේ ගමන වහනෙක යනවනම් හල්කදුරා ඇල්ල, ඇදන්වල ඇල්ල, ඒවගේම කිසිම නමක් නැති තව දිය ඇලි 2ක් තියනවා මම ඒ ගැන ලංකාවේ දිය ඇලි කියන නුදුරේදී ලියන blog ඒකෙන් ඔයාලාට කියන්නම්. 
           ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....


සැ . යු :-( google image ද උපුටාගෙන ඇත, කන්දේ පිහිටුම නිවැරදිම ස්ථානය නොවේ, හුදෙක් ගමන් මාර්ගය අවබෝධය පිණිස මෙසේ සටහන් කොට ඇත. )

1.මිදුම් පහත් වෙන හින්දා හවස් වෙන්න කලින් බහින්න ඕනේ.

2.බබරුන්ගේ රජදහනක්, ඒ හින්ද ශබ්දය අවම තරමට හොදයි  



                   #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

12 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපෝ පොයියෝ. උබ පොයිත් ලියලා. කොහෙද යකෝ බටර් අවේ. ශවී සහ රුක්ෂාන් මෝඩ ඩබලනේ අවේ. ෆොටෝ ගන්න ගිහින් අතරමං උනේ. :P

    ReplyDelete
  3. ඕකනේ කියන්නේ උබට ගියපු ගමන මතක නැ... ඒ එනකොටනෙ යකෝ.. යනකොට මතක නැද්ද ඉලුකක් මැදින් ගියා :P, දැන් කොහේ මතක තියෙන්නද පැකේජ් අරන් මල් ක්දනවනේ :v :p

    ReplyDelete
  4. මේක කියවලා ගිහිං ආවා
    මගේ අට වෙනි හයික් එක
    තෑන්ක්ස් වේවා හොදේ
    යන තැං ගැන මේ විදිහටම දිගටම ලියාං මචෝ

    ReplyDelete
    Replies
    1. ආයෙත් පටන්ගත්තා ...ස්තුති මචෝ ... :D

      Delete