Monday, June 29, 2015

මිහිතලය මත නිමවූ සුරලොව.. # " රිවර්ස්ටන් " #.. ( Riverston- Heaven On Earth )


එහෙනම් යාලුවනේ ඔන්න මම ගිය 5 වෙනි සංචාරේ ගැන කියන්නයි යන්නේ.... :v බලන්නකෝ ගිහින් තියනවද කියලා... නොදන්නා කෙනෙක් නම් නැතිවෙයි මේ කියන්න යන පැත්ත.. මේ කියන්න යන්නේ නම් කන්දක් ගැන නෙවේ කදුකර ප්‍රදේශයක් ගැන... වියලි කලාපයයි තෙත් කලාපයයි වෙනවෙන, ඒ කලාපවල කාලගුණික, පරිසර කියන තත්ත්ව සේරම හුගක් හොදින් අධ්‍යයනය කරන්න පුළුවන් පරිසර වෙදීන්ගේ වගේම සොබාදහමට ආදරය කරන්නන්ට පාරාදීසයක් වෙන තැනක් කියන එක නම් නොඅනුමානයි.

Giant Butterfly(යෝධ සමනලයා)

පිටවල පතනට යන අතරතුර


සොබාදහමේ අසිරිය

                                                           ඔන්න එහෙනම් අහගන්නකෝ කොහෙද කියලා .නමින් මේ ස්ථානයට කියන්නේ "රිවර්ස්ටන් " කියලා.මුහුදු මට්ටමේ ඉදන් 1265m උසකින් තමා පිහිටලා තියෙන්නේ.ප්‍රධාන වශයෙන් මේ මුළු කලාපෙම අයිතිවෙන්නේ "නකල්ස් රක්ෂිතයට "මෙතන ප්‍රධාන කොටස් 3ක් තියනවා.

  • රිවර්ස්ටන් දුර්ගය 
  • කදුවැටිය 
  • පිටවල පතන 
    ගමනට සහභාගිවූ මිතුරෝ 
සම්ප්‍රේෂණ කුළුණු 


ඔන්න ඔය කියන තැන් 3නෙන් පිටවල පතන වියලි කලාපෙට අයිති . කන්දේ පැති 2කෙ දේශගුණ තත්ත්ව 2කක් (අම්බුළුවාව වගේ) . මේ සේරම පාලනය වෙන්නේ දුර්ගය හරහා හමන හුළං ප්‍රමාණය හින්දා . ගිහින්ම මේ අත්දැකීම විදගන්නකෝ . ඉතා විශාල ප්‍රදේශයක් පතන හැටියට තමා පිහිටලා තියෙන්නේ, වැඩි ප්‍රමාණයක් තියන්නේ තෘණ ශාක . ඔබ යනවනම් යා යුතුම මාස ටික තමයි මැයි ,ජුනි.ජුලි ,අගෝස්තු  කියන මාස ටික.( ඇයි කිවුවේ කියලා ඒ මාස වල ගිහින්ම බලන්ඩකෝ :D) .


අවේණික වූ සමනලුන් (තෙල්ගමු ඔය)
                                                                                              හරි දැන් කියන්නම් මේකේ තියන වැදගත්කම. පිටවල පතන කියන්නේ ලංකාවේ රාවණා රජ්ජුරුවොන්ගේ කාලෙට විහිදුනු ඉතිහාසයක් තියන ස්ථානයක් , එහෙම කියන්න හේතුව තමා මේ භුමියේ පාෂාණ ලංකාවේ වෙන කොහෙවත්ම පිහිටලා නැ .මොකද න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවූ බවට හොදම සාක්ෂිය තියෙන්නේ මේ පාෂනවල .මේ ප්‍රදේශයේ තමයි රාම - රාවණ යුද්ධය ඇති වුනා කියන්නේ. එක පිළිබද තොරතුරු අපේ ජනප්‍රවාද වල සදහන් වෙනවා. ඒ වගේම රාවණා කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක් ,එහෙම කියන්නේ වෙන හේතුවක් හින්දා නෙවෙයි.හුදෙක් ඔහුගේ චරිතය පෙන්වීම සදහා.
Thelgamu oya

                                                (මගේ මතය නම්, "රවණා යුගය කියන්නේ දියුණු ශිෂ්ටාචාරයක් පැවතුනු කාලයක් .කොහොම නමුත් ඒ කාලේ තාක්ෂනය අපි මේ දැන් දකින්නාවූ තාක්ෂණයට වඩා අති විශාල දියුණුවක් තිබුණු තාක්ෂණයක්.මොකද වෙලා තියෙන්නේ න්‍යෂ්ටික යුද්ධයක් ඒ වගේම ඔය කියන දඩු මොනරෙත්  අති දියුණු තාක්ෂණයකින් හදපු ගුවන් යානයක් " :P :v :D ).
පුංචි ලෝකාන්තය 


පිටවල පතන 

                                                    කතාවක් තියනවනේ තාක්ෂණයෙන්ම මිනිසා විනාෂවේ කියලා. අන්න ඒ වගේ දෙයක් ඒ කාලෙත් සිද්ද වෙන්න ඇති .න්‍යෂ්ටික යුද්ධයක් වෙලා ඒ ශිෂ්ටාචාරේම නැති වෙලා යන්න ඇති . මේකට හේතු සාධක වෙන්නේ මේ පිටවල පතන විතරක් නෙවේ . මාණිගල කදුවැටිය .මීමුරේ ,ලකේගල,වස්ගමුව , කයිකාවල ප්‍රදේශයේ වෙඩිලුණු ගුහාව කියන ප්‍රදේශත් මේකට සාක්ෂි දරනවා . අදටත් අපි නොදන්නා රාවණා යුගයේ පුරාවෘත රාශියක් මේ ලක් පොලවේ හැංගිලා තියනවා නොඅනුමානයි  .( තවත් කතා තියනවා ඒවා මම ඉදිරියට මේ ප්‍රදේශ ආශ්‍රිත post ලියද්දි කියන්නම්.)
කදුමුදුනට යන අතරතුර 
 



                                                        තව තියනවා කියන්න නම් මේ post එක ටිකක් දිග post එකක් වෙයි.මොකද එච්චරකට සුන්දර ස්ථානයක් ගැන තමා මම මේ කියන්නේ. ඔයාලට රිවර්ස්ටන් යනවනම් බලන්න දිය ඇලි ගොඩක් තියනවා සේර ඇල්ල, වද්දාපැනි ඇල්ල , දුවිලි ඇල්ල . බබර කිරි ඇල්ල ඇතුළු දිය ඇලි ගොඩක් බලන්න පුළුවන්.නමුත් මේවා බලන්න වෙන වෙනම යන්න ඕනේ . ඒ හින්දා දවස් 2කක 3ක සංචාරයකට තමා යන්න ඕනේ . එක දවසක ගමනක් නම් "තෙල්ගමු ඔය" බලලා නාලා , පිටවල පතන, රිවර්ස්ටන් බලලා  එන්න පුළුවන් .

බබරකිරි ඇල්ල 

රිවර්ස්ටන් කියන්නේ මං මුලින් කිවුවා වගේ ඉතා විශාල ප්‍රදේශයක් .ඔයාලට එක දවසින් මේ ප්‍රදේශයේ සුන්දරත්වය විදින්න නම් කොහෙත්ම අවස්තාවක් ලැබෙන්නේ නැ, එච්චරකට යන්න තැන් පිරිලා මම මේ කිවුවේ එක ගමනක් ගැන විතරයි .රිවර්ස්ටන් ප්‍රදේශයේ ඔයාලට යන්න පුළුවන් තව ගමන් තියනවා ,ඒවා අමං ඉදිරි post වලින් කියන්නම්.
ඇටන්වල ගමේ වෙල්යාය ,පිටුපසින් මාණිගල කදුවැටිය , උලක් හැඩයට පෙනෙන්නේ මීමුරේ පිහිටි ලකේගල කන්ද 

දැන් එහෙනම් රිවර්ස්ටන් වලට යන පාරවල් ටික මම කියන්නම්කො ..යන්න තියන්නේ එක පාරයි . නමුත් ඒ පාරට අතුරු පාරවල් ගොඩක් තියනවා.

ඔන්න එහෙනම් පාරවල් ටික ,


  1. මේ පාර තමා රිවර්ස්ටන් යන ප්‍රධාන පාර, මගේ ගමනාරම්භය මාතලේ බස්නැවතුම්පල.(දැන් එක කොහෙද අහන්න එපා :p) මෙතනින් බස්  එකක්  යනවා රත්තොට හරහා හෙට්ටිපොල කියලා. දැන් නම් බස් 3ක් හෝ 4ක් තියනවා පලවෙනි බස් එක යන්නේ මාතලෙන් උදේ 8 ට . එතන ඉදන් පැය  එකහමාරක ගමනකින් ඔයාලට රිවර්ස්ටන් වලට ලගාවෙන්න පුළුවන්. ඔයාලට හම්බවෙන අවසාන නගරය වෙන්නේ රත්තොට .
  2. මේ පාර තමා අනික් පැත්තෙන් එන පාර . ඒ හෙට්ටිපොල ඉදන් එන පාර. ඒ පාරේ ඇවිල්ල පල්ලේගම පාලම එහෙම පහු කරලා ටික දුරක් එනකොට වමට හැරෙන්න ඕනේ.( නාමපුවරු දාලා තියනවා :v ) මම එහෙන් ගමනාරම්භය ගත්තේ මහියංගනය . එතන ඉතන් පාරවල් 2ක් තියනවා . එකක හසලකට ඇවිත් හෙට්ටිපොළට එන මාර්ගය (ඒක වැටිලා තියෙන්නේ මිනිපේ ඇළ ලගින් ,මේ දවස් වල නම් හදනවා) .අනික් පාර මහියංගනයෙන් ගිරාදුරුකෝට්ටේ හරාඅ එන පාර . මේ මොන පාරක ආවත් පැය 4ක විතර කාලයක් ගත  වෙනවා .
  3. ඊලග පාර තමයි ඇලහැර ඉදන් එන පාර එකේ ඇවිත් පල්ලෙගමට කලින් දකුණට හැරෙන්න ඕනේ . 



ගිය සෙට් එක (කාවින්ද,රෝහිත,පානි ,ශවී ,බට්ටා ,මම,ඉසුරංග )

  


















පිටවල පතනට රිවර්ස්ටන් පෙනෙන අයුර 

1.වර්ෂා කාලෙටනම් යන එක සුදුසු නැ  ,ලිස්සන ගතිය හින්දා. කුඩැල්ලා කියන සතා ඉන්නවා .

2.තෙල්ගමු ඔයේ නාද්දී පරිස්සම් වෙන්න .බිලිගන්නා සුළුයි.

3.කදු බෑවුම් සහිත ප්‍රදේශයක් හින්දා යන වාහනය පිළිබද සැලකිලිමත් වෙන්න .

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....
රිවර්ස්ටන් වලට ඇටන්වල ගම දිස්වන අයුර 




                   #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

6 comments: