Monday, April 27, 2015

ගම්පොල සුන්දරියගේ වතගොත ( අම්බුළුවාගල/අම්බුළුවාව ) ......

ඔන්න එහෙනම් යාලුවනේ නමොවිත්තියෙන් මගේ පලවෙනි post එක දාන්න තමා මම මේ ලෑස්ති වෙන්නේ..... :v :D :D 
                                                    මේකනම් ඉතින් කවුරුවත් නොදන්නා තැනක් නම් වෙන්න විදියක් නැ . මොකද ඕනේ කෙනෙක් මේ සුන්දර තැනේ එක පින්තුරයක් හරි දැකල තියනවා වගේම ගම්පොල ප්‍රදේශය ගැන කතා කරනකොට මේ ස්ථානය ගම්පොල ප්‍රදේශයට නිතැතින්ම අලංකාරය එකතු කරන වග ඒ පැත්තට යන ඕනේ කෙනෙක්ට දැකගන්න පුළුවන්.
අම්බුළුවාව

                                               එහෙනම් වැඩි කතා නැතුව ගමන ගැන කියන්න පටන්ගන්නම්, ඊට පස්සේ මේකට යන හැටි ඒකෙ වටිනාකමයි කියන්නම්. මේක තමයි මට මතක තියන හැටියට මම යාළුවො සෙට් එක එක්ක ගිය පලවෙනි ගමන( කලින් ඒවා මතක් උනොත් දාන්නම් :P) .










                                                                    මේ ගමන යන්න හේතු සාධක උනේ අපේ කදු නැගීමේ ආසාව (කොටින්ම කියනවා නම් කැහිල්ල) සහ ගම්පොල ප්‍රදේශය ජනාවාස කරගෙන ජිවත් උන අපේ ගජ මිතුරෝ 2ක් වෙන මලිතයි , මලිගස්පෙගෙයි ගෙවල් බලාගැනීමේ ආසාව .. 
                                                                 කොහොම උනත් A /L එහෙම ඉවරවෙලා ඔක්තෝම්බර් මාසේ වගේ ඔන්න ඔහොම කතා කරගත්ත හැටියට ගමන් යන්න යන්තන් කොල්ලෝ 7ක් (අබෙයි,පානී, රුකයි, පුරෝහිතයි,මායි ,මලියයි, මාති ) එකතු කරගත්තා.. අපිනම් ඉතිං විනෝදෙටත් එක්ක ගියේ කෝච්චියේ . හැබයි ඉතිං යනවනම් හොදම ගමනත් ඒකම තමා. 
                               ඔකේ ඉතිං මතක හිටින දෙකට තියෙන්නේ කෝච්චියට නැගපු ලස්සන විදේශික අක්කා කෙනෙක් දිහා බලාගෙන යාමට තැත් කිරීම තමා... මතකත් ඇති අදාළ අයට.. :v 


ඔන්න ඔහොම ඉතිං අපි ඉස්සරෝම ඒ ගමන ගියා ....ගමන ගියා කිවුවට ගියේ කොහෙද කිවුවේ නෑනේ ...ඔන්න එහෙනම් යන කෙනෙක්ටත් වැදගත් වෙන්න මම විස්තර ටික කියන්නම්... 
map (from peradeniya)

                                        
                                                              ගිය තැන ගැන දැන් දන්නවා ඇතිනේ , නමින් "අම්බුළුවාගල". බෞද්ධාගමිකයන්ගේ වන්දනා මාන ලබන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ මෙම ස්ථානය අතීතයේ බෞද්ධයින්ගේ උතුම් පුජනිය ස්ථානයක් වන "අම්බුළුවාගල රජමහා විහාරයයි" .කුමක් නිසාවෙන් හෝ එම ස්ථානයේ එම පුදබිම විනාශවන්නට ඇත.ප්‍රදේශ වාසීහු එය දනී.නමුත් එය මෙහි පලකිරීමට අකමැත්තෙමි. 

                                අම්බුළුවාගල නම් වූ මෙම සුන්දර ස්ථානය පිහිට ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල ප්‍රදේශයේ හෙම්මාතගම පාරේ අම්බුළුවාව නම් ගමෙයි. ඉතාමත් සුන්දර කදුවැටියක් වන මෙය උසින් අඩි 356ක් පමණ වන අතර මහවැලි නදියට මුහුණලා ගම්පොල නිම්නයේ පිහිටා ඇත. 
ගම්පොල නගරය 

                                            මෙහි යාමට කැමති ඔබ සදහා ගමන් මාර්ගය මෙසේ සදහන් කරන්නම් .... මහනුවර නගරය මාගේ ආරම්භක ස්ථානයයි. දුම්රියෙන් යනවා නම් හැටන්,බදුල්ල යන දුම්රියේ ගමන් කර ගම්පොලින් අම්බුළුවාව හරහා හෙම්මාතගම බස් රථයට ගොඩවන්න ගම්පොල සිට කිලෝමීටර 7ක ගමනකින් ඔබේ ගමනාන්තයට ලගාවිය හැක.බස් රථයේ යනවානම් මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පලින් ගම්පොල ,හැටන් , නාවලපිටිය බස්රථයක පේරාදෙණිය හරහා ගම්පලට ගමන් කල හැක.  තව එකක් ඇතුලට යන්න රුපියල් 25ක ටිකට් එකක් ගන්ට ඕනේ වගේම ජාතික හැදුනුම්පතත් ඕනේ. මේ සදහන්කරේ එක මගකි . 
         කන්ද නැගීමට තවත් මගක් ඇත. එය මදක් දුෂ්කර පාරකි,කැලේ මැදින් වැටි ඇති මාර්ගයකි. ගමන බෙහෙවින් සුන්දරය. ගම්පොලින් පැමිණ සින්හාපිටිය හන්දියෙන් වමට තිබෙන පාරේ මදක් දුර ගිය විට මේ කැලෑ පාර හමුවේ.ප්‍රදේශවාසියෙක් සමග ගමන් කිරීම සුබදායකයි,හේතුව එයාලා කියයි ;) .
පිළිමය


මෙහි ඉතිහාස කතාව පවසනවානම් මෙම කන්දට නම තැබීමට හේතුවත් මෙම ප්‍රදේශය පාලනය කල "අම්බුලුගල " නමැති කුමාරයයි . තවද,මහාවංශ යේ සදහන් අන්දමට ඔහු 1489 දී  " 8වන වීර පරාක්‍රමබාහු " ලෙස රජවේ . එහිදී ඔහුට ආරක්ෂාව සැලසු මෙම අම්බුළුවාවේ විහාරයක් සාදා එය සගසතු කොට පුජා කරනු ලබයි. 4 වන බුවනෙකබා රජ සමයේ මෙය පිහිටුවා ඇතිබවත් සදහන් වේ...වැඩි විස්තර සදහා...(http://www.sundaytimes.lk/081214/FunDay/fundaytimes_1.html)


                                          ගම්පොල නගරයට ඉදිරිපසින් දිස්වෙන්නාවූ මේම පර්වතය කාගේත් නෙත ගැටෙන විශාල සුන්දර ස්ථානයකි.  සොදුරු සෞන්දර්යයේ කැඩපතක් බදු මෙම පාරිසරික පද්ධතිය මින් මතුවටත් රැකගැනීම ඔබගේත් මාගේත් වගකීමකි.

#...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

(සැ.යු :- මෙහි අඩංගු සමහර චායාරූප google images වේ.එහි අයිතිය මාගේ නොවන බව මෙයින් ප්‍රකාශ කරමි.
තවද ,
මෙහි ආදරවන්තයින් ගමන් කිරීම පිළිබද මා දරනා මතය නම් එවන්වූ පුජනිය ස්ථානයක එවන් ඇතුළු වීම් නොකළයුතු යන්නයි. මෙයට පෙරලා විවේචන එල්ලවෙයි, නමුත් මෙය මාගේ මතයයි( ඒ ගැන හිතන්න එපා)....  )



                                        ඔබට සුබගමන් !!!!


Wednesday, April 22, 2015

පාරාදීසයට පෙරවදන

ඔන්න එහෙනම් යාලුවනේ  හා හා පුරා කියලා :) :) ..... මම ගිය ලස්සන තැන් වල අසිරිය ඔයාලා එක්ක බෙදාහදාගන්න මම තීරණය කරා .. ඔයාලට මේ හැම තැනම ඇවිදින්නත්,ඒවගේ ලස්සන විදගන්නත් මේ තැන් වලට යන එන හැටි මම මේ blog වලම ලියනවා .
ලග්ගල 
                                                                           ඉතිං මේවා කියවලා, මේ සුන්දර ලංකාවේ තියන මම මේ කියන සුන්දර තැන් වල ඔයාලටත් ඇවිදින්න පුළුවන් . හොදට මතක තියාගන්න යාළුවනේ ...මේ ඇවිදින හැමතැනම ,පරිසරේ තියන සුන්දරත්වේ එහෙම්ම තියන්න ඔයාලා වග බලාගන්න ඕනේ. මොකද අපි වගේම අය මින් ඉස්සරහටත් මේ තැන් බලාගන්න ඕනේ.
පාසිකුඩා 

                            හැබැයි මම මේ blog වල අපිත් එක්ක ගිය අයට වෙච්ච සිදුවිමුත් ලියනවා. ඒ වගේම ඒ යන තැන ගැන සියලුම විස්තරත් ලියනවා . මොකද ඉගනගන්න කෙනෙක්ට එක වැදගත් වෙන්න පුළුවන් , තව කියන්න දේවල් නම් හුගක් තියනවා.ඒවා මගේ අනාගත post වල මම ලියන්නම්.
හන්තාන

මම මේ වැඩේ පටන් ගත්තේ, මම 10 වසරේ ඉද්දි .ඉතිං මේ සේරටම මගේ පිටිපස්සේ හිටියේ මගේ අම්මයි අප්පච්චි ,මගේ යාලුවෝ සෙට් එකයි. එහෙනම් ඒ අයට පින් දීලම මම මගේ වැඩේ පටන් ගන්නවා.
රිවර්ස්ටන් 

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ "ස්වාභාවදහමට ආදරේ කරන්න , එක ඔයාලව ආරක්ෂා කරයි." 

# රසවිදින්න..... ඇවිදින්න.... ජිවිතේ විදින්න... #
මහකුඩුගල 

                                           සුභ ගමන් !!!!!!!!!