Saturday, May 22, 2021

2015 වැලන්ටයින් එකේ මහකුඩුගලට ......

                                                                  හරි යාළුවනේ ...අද මම කියන්න යන්නේ 2015 වැලන්ටයින් දවසේ  ගියපු ගමනක් ගැන. අද වෙනකොට නම් මේක ගියපු හැමෝම තමන්ගේ යුග දිවියට පාතියලා තියෙන්නේ .. :D :v .. ඒ කතාව පැත්තක තියමුකෝ.. කොහොම උනත් වෙච්ච සිදුවීම් ඔක්කොම මම කතාවට ලියනවා මොකද තව අවුරුදු ගානකින් බලන්න ඉතුරුවෙන්නේ මේවා තමයි.

Set එක 

                                                    මෙන්න එහෙනම් ගමනේ කතාව .කවදාටත් කලින් plan කරලා ගමනක් යන අය හුගක් නැති හින්ද මේකත් සිද්ධ උනේ දවස් දෙකකට කලින් කතාවෙලා ( මොකද කලින් ඉදන් plan කරොත් ඒවා යන්නේ නැති හින්දා..) . අන්තිමට ඔන්න කොහොමෙන් කොහොම හරි වැඩේට පස් දෙනෙක් සෙට් උනා (මමයි ,ක්ෂාරෙයි ,අබෙයි, මලියයි , බුද්ධියයි ) . කොහොමත් ගමන රසකතා වලින් පිරෙන එකක් උනේ හුග කාලෙකින් අබේයා ආව හින්දා .. (මතකනේ කලින් හන්තානේ යන්න ගිහිං කොටයක් පල්ලේ වැටිලා ,හතිය හැදිලා,මී මස්සොත් කාගෙන ආවා). කොහොම උනත් මේ පාර ගියේ එහෙම එකක් වෙඉ කියලා බලපොරෝත්තුවෙන්මයි. අපිට උදව්‍වට හිටියේ google map එකයි පානියගේ GPS එකයි :v ..

Hawaeliya

                     කවුරු කවුරුත් කලින් එන හින්දා හැමෝටම කියුවේ 5ට එන්න කියලා,ඒ හින්දම හැමෝම උදේ 5.30 වෙනකොට නුවරින් නුවරඑළිය බස් එකක පිටත් උනා ගමනට.උදේ 8 වෙනකොට  නුවරඑළියේන් බැහැලා ලගම තිබ්බ කඩෙන් තොසේ ටිකක් කාල එළකිරි එකක් බීවා.අපේ ඊලග ගමනාන්තය උනේ මහකුඩුගල වත්ත.ඉතින් බස් එකකට එදා තිබුනේ රාගල බස් එක විතරයි. (ඔයාලා යනවනම් හයිෆොරෙස්ට් බස් එකක යන්න එකෙන් කෙලින්ම යන්න පුළුවන් ) අපි බස් එකේ ගිහින් හයි ෆොරස්ට් හන්දියෙන් බැහැගත්තා.

                                                                                                 පයින් ගමන පටන්ගත්තා විතරයි,අපේ වෙලාවට එතනින් මතුරට යන ලොරියක් ආවා.. අමුතුම ගමනක් ඉතින් ලොරි තට්ටුවේ යන එකත් ... කොහොම හරි අපි 9.30 වගේ වෙද්දී මතුරට වැවිලි සමාගමට අයිති රත්නගල කොටසෙන් මහකුඩුගල වත්තට ඇතුල් උනා, එදා office එකත් වහලා .. 

Mahakudugala Peak
Lorry Ride

                               කෝකටත් කියලා එතන වත්ත බලාගන්න හිටපු සාමි අයියාගෙන් ඇහුවා යනපාර ... හම්බුනා උත්තරේ  " ලයිමට යන වත්ත ගාවින් දර කඩන්න තෙවත්තේ උඩට පාරක් ඇති මල්ලි එතනින් එහාටනම් ඉතින් කැලේ මැදින් තමා " .

              හිතුවා වගේම යන්න වෙන්නේ හොයාගෙන .එහෙනං හාකෝ කියලා ඔන්න රස කතා ගොඩක් මැදින් ගමන පටන්ගත්තා .මේ තියෙන්නේ අතර මගදී හම්බුවෙච්චගේ පින්තුර .


The Entrance
On the way

                                                                                     හරි ඔන්න ඔහොම පොඩි වතුර පාරක් එහෙම පහු කරගෙන දරකඩන අඩි  පාරදිගේ කාලෙට ඇතුල් උනා ... වැටෙන මහත්තයා අපිත් එක්ක ආව හින්දා උව මැදට දාගෙන තමයි ගමන පිටත් උනේ.. පුරුද්ද අරින්න බැනේ මේකෙත් මේකා වැටුනා ..එක එකාට කට කැඩිච්ච කතා කියකියා  ඇවිදගෙන ඔන්න කැලේට වැදුනා කන්ද පේන පැත්ත හිතාගෙන පැයක් විතර උඩට නැග්ගා. නැවතුනේ ලොකු ගලපාමුල ..දෙයියනේ කියලා ලේ ටිකක් ඉනුවේ එතකොට.ඉවෙන් වගේ එක පැත්තක් තෝරාගෙන කොහොමෙන් කොහොමහරි දවල් 1 වගේ වෙද්දී මුදුනට ආවා.. 

                          වැහිබර කාලගුණයක් තිබ්බ හින්දා අපිට බලාගන්න පුළුවන්කමක් තිබ්බේ රාගල ,හයිෆොරස්ට් ,සුරියකන්ද  පැත්ත විතරයි . ඉතින් අරන්ගිය බත්ගෙඩි දෙක තුන කාලා හවස 3.30 වගේ වෙනකොට හෙමිට පහළට බැහැගත්තා. බහින ගමනේ අවිද්දට වඩා වැටි වැටි තමා ආවේ.මොකද වැහලා තිබ්බ හින්දා හොදට ලෙස්සනවා. කොහොම හරි එන ගමනට අපිට නුවරඑලියට එන්න බස් දෙකක එන්න උනා,මහාකුඩුගලින් රාගල පැත්තට ඇවිල්ල රාගලින් නුවරඑළිය එන බස් එකේ. ඉතින් රෑ 8- 8.30 වෙද්දී හරි ලස්සන ගමනක් ඉවර කරලා මතක ගොඩක් එක්ක මහනුවරින් ගෙවල්වලටත් එන්න පුළුවන් උනා.

Bye bye Mahakudugala!

මහකුඩුගල වැදගත් වෙන්නේ ඇයි කියලා බලමුකෝ. 

-එකක් තමයි මහකුඩුගල ලංකාවේ 11 වෙනියට උසම කන්ද කියලත් කියනවා උස නම් 2096m වගේ වෙනවා 

-රාවනා රජ්ජුරුවෝ ගැන හොයන්න අපේ ය ආසයිනේ ,මේ කන්ද රාගල කඳූ සෙට් එකේම එකක් .ඒ හින්දා රාවනා රජ්ජුරුවොන්ගේ දේහය මෙහෙ තිබ්බා කියලත් ජනප්‍රවාද තියනවා .

-කුරුදුඔයේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශය හැටියත් මේ කොටස හැදින්වෙනවා.

දවස් දෙකකක් වගේ එනවනම් මන්දාරම්නුවර පැත්තට ,apple farm ,කුරුදුඔය ඇල්ල ,හරස්බැද්ද mini worlds end , හරස්බද්දේම නිල් තිරුවනා නිධිය වගේ ලස්සන තැන් ගොඩක් බලන්න පුළුවන් 

Ragala side

...........................................................................................................................හරි ඔන්න කතාව ඉවරයි.... දැන් මම යන්න ආසාවෙන් ඉන්න ඔයාලට යනඑන විස්තර ටික කියන්නම් , වෙනදා වගේම මගේ ගමනාරම්බය මහනුවර ...

මෙහෙන් යන්න පාරවල් දෙකක් තුනක් තියනවා .

 1.නිතර දෙවේලේ බස් තියන .. බස් වල යන අයට මේක තමයි ලේසිම පාර මහනුවරින් නුවරඑලියට ඇවිල්ලා,නුවරඑලියෙන් හයිෆොරස්ට් (හාවා එලිය ,කදපොළ  හරහා ) බස් එකේ යන එක. මුළු ගමනටම පැය 4ක්(100km) වගේ යන හින්දා උදේ 5ට වත් මහනුවරින් පිටත් උනොත් හොදයි.මේ වෙනකොට මහකුඩුගල වත්තේ කාර්යාලෙන් අවසරයක් අරගන්න ඕනේ කියලයි ආරංචි.

2.තමන්ගේම වාහනෙකින් එනවනම් මහනුවරින් රජමාවත හරි ලස්සන පාරක්.එකෙන් ඇවිත් රිකිල්ලගකඩ - > පදියපැලැල්ල - > මතුරට - > අලකොලවැව හරහා මහකුඩුගලට ( 70km) එන්න පුළුවන් .පදියපැලැල්ලේ ඉදන් මහකුඩුගල පාරනම් ටිකක් පතුඉ වංගු වැඩි,හැබැයි කියලා විස්තර කරන්න බැරි ලස්සනක් තියනවා . 

3.අනික් පාරත් ටිකක් බස් තියන පාරක් .. ඇත්තම කිවොත් පාරවල් එකතුවක් ...නුවරින් රජමාවතේ පදියපැලැල්ල -> වලපනේ -> රඹුකේ  එතනින් හයිෆොරස්ට් වලට ඇවිල්ලා හරි රගලට ඇවිල්ල හරි එන්න පුළුවන් මහකුඩුගලට .හැබැයි එකටත් පය 4ක් වගේ යනවා .නැත්තන් රන්දෙණිගල ,කිර්තිබණ්ඩාරපුරෙන් වලපනේට ඇවිල්ල එන්නත් පුළුවන්(80km).. මේ ගමන් දෙකම එක වගේ බස් 2ක අනිවාර්යයෙන් යන්න වෙනවා 


බස්වලින් එනවනම් ලේසිම පාර නුවරඑලියට ඇවිල්ල යන එක.. අනික් පාරවල් දෙකෙන් වාහනේක එනවනම් හරිම ලස්සනවෙයි ගමන. දවස් දෙකකක් වගේ එනවනම් මන්දාරම්නුවර පැත්තට ,apple farm ,කුරුදුඔය ඇල්ල ,හරස්බැද්ද mini worlds end ,අලකොලැල්ල , හරස්බද්දේම නිල් තිරුවනා නිදිය වගේ ලස්සන තැන් ගොඩක් බලන්න පුළුවන්.

 ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි....රැකගන්න ....

 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!