Monday, May 25, 2015

නකල්ස් මුවදොර.... හුන්නස්ගිරි කදුවැටිය ....

ඔන්න එහෙනම් යාලුවනේ මම මගේ 3වෙනි post එක තමා මේ දාන්න ලෑස්තිවෙන්නේ .බලන්නකෝ ඔයාලත් මෙහෙ ගිහින් තියනවද කියලා . නැත්තන් අනිවාර්යෙන්ම යන්න අමතක නොවෙන ගමනක් වෙයි. 
පන්විල නගරයේ සිට හුන්නස්ගිරි මුදුන පෙනෙන ආකාරය 



 නමින් " හුන්නස්ගිරිය කන්ද " ,කවියකුත් තියනවනේ 
                     
                      බතට කන්න බැරි බතලේගල කන්ද
                     හුණට කන්න බැරි හුන්නස්ගිරි කන්ද .........කියලා 
මීමුරේ  හුන්නස්ගිරිය මාර්ගයට දිස්වන අයුර  


උසින් මීටර 1514 වෙනවා පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ, පන්විල හුන්නස්ගිරිය කියන ප්‍රදේශ ඇසුරු කරගෙන, ඒ වගේම තමයි මේක පිහිටලා තියෙන්නේ නකල්ස් රක්ෂිතයේ,"campbell's lane forest reserve" කියන රජයේ ඉඩමේ . කදුකර තෙත් කලාපයේ හින්දා ජල දාරා වලින් නම් කිසිම අඩුවක් පාඩුවක් නැ .හරිම සිතල දේශගුණයක් තියන පරිසර පද්ධතියක්.

                         
ගමන අතර තුර අසිරිය 
  මහනුවර නගරය පහුකරගෙන තන්නේකුබුර පැත්තට යද්දී ඔයාලට මේ සුන්දර පිහිටීම බලාගන්න පුළුවන්. කන්ද උඩට නැග්ගම් නැගෙනහිර පැත්තට වෙන්න ඔයාලට බලාගන්න පුළුවන් නකල්ස් සුනදරිය , ඒ කිවුවේ නකල්ස් කදුවැටිය . ඒ වගේම බටහිරට වෙන්න පේනවා මාතලේ තියෙන විල්ෂෙයා කන්ද.

                                            දැන් එහෙනම් කතාවට යමුකෝ ....අපිනම් හරි පාරේ ගිහින් පාර මගදී වැරදිලා කැලෑවක් මැදින් ගිහින් අලුත්ම අත්දැකීමක් ලබාගත්තා .එහෙම උනේ හැමදාම වගේ අතරමන්වෙන මගපෙන්වන්නා එක්ක ගිය හින්දා(යකාමියායි,අතායි). හැබැයි ඉතිං දැන් නම් අතරමන් වෙන්නේ නෑලු :v :p ...කොහොම කොහොම හරි එදා ගමනට නම් 11 දෙනෙක්ම සෙට් උනා (මමයි,අනුරුද්ධ,ක්ෂාරපානි,ඉසුරංග,මාධව,ගයාන්,කාවින්ද,ලහිරු බටර්,ලහිරු බට්ටා,අතාවුද).


                                          ඒ වගේම එදා අපේ පානියාගේ අලුත්ම කදු හොයාගැනීමේ ක්‍රමය වෙන ජි.පී.ඇස් (GPS) සිට්ටම් එකත් අත් හදා බලන්න පුළුවන් උනා.(කැලේ මැදට මොන සිග්නල්ද.. :v ) ,තවත් සිද්දියක් උනා කැලේ කපන්න පිහි ගෙනිච්චේත් නැනේ ඒ හින්දා පොලු වලින් තලාගෙන තමා අපි නම් ගියේ,ඔය අතරේ තව ඩින්ගෙන් ගහේ ගේ මලගේදරත් ගන්න වෙනවා මොකද තලාගෙන තලාගෙන යද්දී හෙලෙන් පල්ලෙහට වැටෙන්න ගිය හින්දා ...මොනවා උනත් එනකොට නම් ආවේ හරි පාරේ. 
හතාලේ තේ වත්තට හුන්නස්ගිරිය දිස්වන අයුර 


                                                                                         ඒ හින්දා අතරමන් වෙන්න ඕනේ අයට ඒ පාරත් කියන්නම් ... කදු තරණය කරන අයට තව පාරක් තියනවා එක වැහිලා තියෙන්නේ කැමතිනම් නගින්න එකත් කියන්නම් ..නැ නැ තව පාරක් තියනවා ,ඔක්කොම කියන්නම් .

 මහනුවර නගරය පහුකරලා ලේවැල්ල හන්දිය එහෙම පහු උනාම තැන්නේකුඹුර  පාරට පේන උසම කන්ද තමා මේ " හුන්නස්ගිරිය " කන්ද කියන්නේ. දැන් එහෙනම් අහග්නකෝ මේකට යන පාරවල් ටික,....



හැමදාම වගේ මගේ ගමනාරම්භය නම් මහනුවර නගරය තමා . නුවරට ඇවිල්ලා ඔරලෝසු කනුව ලගින් ඔයාලා නගින්න ඕනේ වත්තේගම බස් එකට, ඒකෙ ඇවිල්ල බහින්න වත්තේගමින් . ඊට පස්සේ  තමා පාරවල් ටික තියෙන්නේ.. 

                         වත්තේගමින් පාර 2ට බෙදෙනවා (වත්තේගම දුම්රිය ස්ථානය ලගින් ) . වමට ගියොත් ඇල්කඩුව පැත්තට, දකුණට ගියොත් පන්විල හරහා බඹරැල්ලට යන්න පුළුවන් (බඹරැල්ලෙන් තමයි නකල්ස් නගින්නේ.. ඒක මම වෙනම post එකකින් කියන්නම්කො)

1. එහෙනම් මෙන්න පලවෙනි පාර... මම කිව්වනේ වත්තේගමින් පාර 2ට බෙදෙනවා කියලා..එහෙනම් මේ කියන්නේ ඇල්කඩුව පැත්තෙන් ගියාම ගමන යන හැටි.(ඕනේ නම් යන ගමන් සෙම්බුවත්තත් යන්න පුළුවන්,හැබැයි වෙලාව මදිවෙයි ) ඇල්කඩුව පාරේ ගිහින් " hunnas falls " කියන දිය ඇල්ල ලගට යන්න ඕනේ. එතන ඉදන් ඉතිං කැළේ මැදින් තමයි ගමන තියෙන්නේ.
හුන්නස් falls දිස්වන අයුර 



                                       ඔන්න ඉතිං " hunnas falls" දිය ඇල්ල ලගින් ගමන පටන්ගෙන ඔයාලා යන්න ඕනේ " upper hunnas falls " දිය ඇල්ල ලගට එතන ඉදන් ඔයාල ඇතුල් වෙන්නේ "campbell's lane forest reserve" කියන නකල්ස් රක්ෂිතයේම එක කොටසකට එතන ඉදන්  ඉතිං කන්ද මුදුනට ගමන කැළේ මැදින් තමා.. මම ඔය පෙන්නලා තියන සිතියෙමේ කළු පාටින් තියන පාර හරිම දුෂ්කර පාරක් කියලා තමා කියන්නේ.(මම ගිහින් නැති හින්දා වගකීම බාරගන්නේ නැ ,නමුත් කදු තරණය කරන්නන්ට නම් සුවිශේෂී ගමනක් වෙයි ඒක) " hunnas falls " හරහා යන පාරත් ඒ වගේම අමාරුයි කියලා තමා ගිය අයනම් කිවුවේ . 



2. මෙන්න එහෙනම් දෙවෙනි පාර.. මේකේ තමා අපිනම් ගියේ එක ලේසි(මොකද තඩියෝ දෙන්නෙක් එක්ක ගියානේ.. නිකන් අමාරු ඒවගේ ගිහින් ඉල්ලන් කන්න ඕනේ නෑනේ .. එත් ගියේ කැලේ මැදින් තමා).... මෙන්න එහෙනම් පාර... ඔයාලා වත්තේගම නගරයෙන් බැහැලා පන්විල හරි බබරැල්ල හරි යන බස් එකක නගින්න.ඒකෙ ගිහින් යන්න ක්‍රම 2ක් තියනවා.

                           එකක් තමා පන්විල තැපැල් කන්තෝරුව ලගින් උඩට තියන කොන්ක්‍රීට් පාරේ ගිහින් ,පස් පාරක් තියනවා එක දිගේ උඩට යන එක.එතකොට වැටෙන්නේ "හාතලේ තේ වත්තට ". ඒ තේ වත්ත දිගේ  දිගේ ගියාම ඔයාලා ඇතුල් වෙනවා  "campbell's lane forest reserve" ඒකට එතනින් ඇතුලට ආයෙත් අඩි පාරක් තියනවා .ඊකෙ යන්නයි තියෙන්නේ මගදී යනකොට ඔන්න රසම රස දොඩම් වර්ගයක් එහෙම හම්බවෙයි . දැක්කේ නැ වගේ යන්න හොදේ,අපි නම් කෑවා  :p .
                                                                                                  ඒ කොන්ක්‍රීට් පාර පටන්ගෙන ටිකක් යනකොට ෆයිනස් කැලයක් දකී ඊක දිගේ නැග්ගොත් පොඩි ජොලියක් තියෙයි අපි නම් ගියේ ඒකෙ. 


                               අනික් ගමන යන්නේ මෙහෙමයි,අමාරුවක්ම නැතුව යන්න පුළුවන්.වත්තේගමින් බඹරැල්ල බස් ඒකට නැගලා ටිකට් ගන්න හාතලේ තේ වත්තට කියලා . ඊට පස්සේ බස් ඒකෙන් එතන බැහැලා දිගටම පාර දිගේ යන්නයි තියන්නේ. මන් කලින් කිවුව පාරයි මෙකයි මගදී එකතු වෙනවා. 



3. මේ පාර පටන් ගන්නේ මඩොල්කැලේ වතු යායෙන් .ඒකෙ දිගේ ආවම ඔයාල හතාලේ වතු යායට එනවා. එතනින් පරණ පාරෙමයි, ඒක ඉතිං දුර වැඩි. එක හින්දා කවුරුත් එහෙම යන්නේ නැ.යන්න ඕනේ කෙනෙක් ඉන්නවනම් යන්නයි මම ඒ පාර කිවුවේ.
Hatale tea estate

පන්විලින් යන පාරයි " hunnas falls " වලින් එන පාරයි කන්ද මුදුනේදී ඒකට හම්බ වෙනවා. ඒ හින්දා ඔයාල කැමති විදියකට නගින්න බහින පුළුවන් . කොහොම උනත් පන්විලින් බහින එක තමා වඩාත්ම සුදුසු. දවස් 2ක් වගේ ඉන්න යනවනම් කැමති විදියකට ගමන අවසන් කරගන්න පුළුවන්.


             ඔයාලට මේ ගමන වහනෙක යනවනම් හල්කදුරා ඇල්ල, ඇදන්වල ඇල්ල, ඒවගේම කිසිම නමක් නැති තව දිය ඇලි 2ක් තියනවා මම ඒ ගැන ලංකාවේ දිය ඇලි කියන නුදුරේදී ලියන blog ඒකෙන් ඔයාලාට කියන්නම්. 
           ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....


සැ . යු :-( google image ද උපුටාගෙන ඇත, කන්දේ පිහිටුම නිවැරදිම ස්ථානය නොවේ, හුදෙක් ගමන් මාර්ගය අවබෝධය පිණිස මෙසේ සටහන් කොට ඇත. )

1.මිදුම් පහත් වෙන හින්දා හවස් වෙන්න කලින් බහින්න ඕනේ.

2.බබරුන්ගේ රජදහනක්, ඒ හින්ද ශබ්දය අවම තරමට හොදයි  



                   #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Sunday, May 10, 2015

කදුරට සුකුමලියගේ වතගොත ...... (හන්තාන කදුවැටිය )

ඔන්න එහෙනම් යාලුවනේ මම මගේ දෙවෙනි ගමන ගැන කතා කරන්නයි යන්නේ..



              මේක තමා ලැජ්ජාවෙන් බේරෙන්න හුගාක් පාරක් නැගපු කන්ද . පලවෙනි පාර නම් නැගල හෙනම ලැජ්ජාවක් උනා. අතරමන් වෙලා..මී මැස්සෝ කවාගෙන හෙනම සිද්ධියක් උනා ... මේක කියවන්ඩකෝ ..මගේ යාලුවෙක් පට්ටේටම ලියලා තියනවා.
http://wakkadaya.blogspot.com/2011/10/blog-post.html)


අපි ඉස්සරෝම නැග්ගේ 2011.10.16 මතක හැටියට .. ඊට පස්සේ ලැජ්ජාවෙන් බේරෙන්න ලේසි පාරකින් නැග්ගා.ඒ ගමන මෙහෙම ලියවිලා තියනවා.....
(http://wakkadaya.blogspot.com/2011/11/blog-post_16.html )            කොහොම හරි මෙතෙක් මම වැඩිම වාරගණනක් නැග්ග කන්දත් මේකම තමා. (12 වතාවක් ලේසි නැ :p )



            කන්ද ගැන කියද්දී හරි ලස්සන කතාවක් මතක් උනා . මේක ඉතිං සිද්ද උනේ මෙලෝ දෙයක් දන්නේ නැතුව ( දන්නා උන් 2 න්නෙක් එක්ක ) කන්ද නගින්න ගිහින් .. ඒ ගැන විස්තර මගේ යාළුවා හරි ලස්සනට ලියලා තියනවා මේ blog ඒකෙ.. කියවලාම බලන්නකෝ :v http://wakkadaya.blogspot.com/2011/10/blog-post.html


                    මේක පිහිටලා තියෙන්නෙත් මහනුවර නගරය මුල්කරගෙන තමයි.
මහනුවර සානුවේ ප්‍රධාන කදු පන්තියක් වෙන මේ කදු පන්තිය පටන් ගන්නෙත් මේ කියන කන්දෙන්මයි. නමින් " හන්තාන කදුවැටිය" .මේ කදු පන්තිය කදු මුදුන් 7කින් තමයි හැදිලා තියෙන්නේ .උසම කදු මුදුන "ඌරා කන්ද" කියලා හදුන්වනවා. අඩි 3800ක් උසයි. 2010දී මේ ප්‍රදේශය හන්තාන රක්ෂිතය කියලා නම් කරා. මේ කදු වැටිය නුවරඑලිය දිස්ත්‍රික්කයේ  පිහිටි පිදුරුතලාගල කදුවැටිය දක්වා විහිදිලා තියනවා .
       
(කදු තරණය කරන්නන්ට දවස් 5ක තරණයක් තියනවා. ඒක පටන්ගන්නෙත් මේ කියන හන්තාන කදුවැටියෙන් ,අවසන් වන්නේ පිදුරුතලාගලින් . මගේ ඉදිරි post එකකින් මම මේ ගැන කියන්නම්.) 

උඩට නැග්ගම බස්නාහිරට වෙන්න අලගල්ල කන්ද ,උතුරට වෙන්න නකල්ස් කදු , දකුණින් අම්බුළුවාව නැගෙනහිරින් වික්ටෝරිය හේවාහැට ප්‍රදේශ පේනවා .ගිහින්ම බලන්නකෝ.....


ඔන්න එහෙනම් මම හන්තානට යන්න පාරවල් ටික කියන්න තමා ලෑස්ති,පාරවල් නම් ගොඩක් තියනවා මම එක එක වෙන වෙනම මේකේ සදහන් කරන්නම්.


1. මේ පාර තමා තියන ලේසිම පාර.මගේ ගමනාරම්භය මහනුවර නගරය.මහනුවර ඔරලෝසු කනුව ලගින් හන්තාන උඩුවෙල බස් එකේ 7km විතර ගමන් කරපුවාම සම්ප්‍රේෂණ කුළුණු ලගම ඔයාලට බැහැගන්න පුළුවන් . එතනින් 1km නැග්ගම කන්ද මුදුනටම යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිං ගමන කන්ද දිගේ තමයි. දුර ඉදන් එන කෙනෙක්ට නම් එක තමයි ලේසිම පාර.

2.මේක ටිකක් දුෂ්කර ගමනක් හැබැයි ඉතිං ඊළගට ලේසි පාරත් මේක තමා. :v මහනුවර ඉදන් නේ එන්නේ, එහෙනම් මේකත් අහගන්නකෝ මේ බස් එක පටන් ගන්නෙත් මහනුවර ඔරලෝසු කනුව ලගින්මයි. මහනුවර -හීරැස්සගල . මේකේ ඇවිල්ලා ඔයාලා හිරස්සගල බස් නැවතුමේ බහින්න ඕනේ .. එතන ඉදන් එන්න ක්‍රම 2ක් තියනවා. එකක් තමයි "අමායා හිල්ස් " හෝටලය ලගට ඇවිල්ලා හන්තාන නගින එක අනික හන්තාන ගල්වල ලගින් නගින එක .
 3. මෙතනින් එහාටනම් මම කියන්නේ ඉතිං කැළේ පනින්න ආස අයට යන්න පාර තමයි.මේක තුන්වෙනි පාර, මහනුවර ඔරලෝසු කනුවලගින් තමා බස් එක ගන්න තියෙන්නේ මහනුවර-බෝවලවත්ත බස් එක ,( මහනුවරට නොයන අය දංගොල්ල හන්දිය ඒ කියන්නේ ගන්නොරුව පාරයි, පේරාදෙණිය පාරයි එකතුවෙන තැන තියන හන්දිය එතනින් බස් ඒකට නගින්න පුළුවන් ) ඒකෙ ගිහින් ආයෙත් අමායා හිල්ස් හොටෙල් එක ලග බැහැලා කැලෑව මැදින් නගින්න ඕනේ .

4. මේ පාර පටන් ගන්නේ නම් පේරාදෙණිය පොලිස් ස්ථානය ලගින් එතනින් ඇතුලට තියන පරෙගිහින් රේල්පාර පැනල ගියාම රජවත්ත පාරට වැටෙනවා.ඒ පාර දිගේ ගියාම උදපෙරදෙනිය හන්දියට වැටෙනවා,එතන ඉදන් යන්න පාරවල් 2ක් තියනවා . එක පාරක් පටන් ගන්නේ Upper Hunthana Lodge ඒකට යන පාර පටන් ගන්නකොටම තියන ඌරු කොටුව කියන ස්ථානය ලගින්. ඒ පාර ටික දුෂ්කරයි ඒ උනාට හොදම පාරත් එක. ඔබ සැබෑ කදු තරණය කරන්නෙක් නම් ඒ පාරේ යනවා නොඅනුමානයි. එතනින් දිය ඇල්ල ලගට යනවා ඊට පස්සේ දිය ඇල්ලදිගේ උඩට නැගල වතුර පාර දිගේම උඩට ගිහින් ෆයිනස් කලේ මැදින් තේ වත්තතට වැටෙනවා .එතන ඉදන් කැලේ දිගේ යන තියන්නේ . අනික් පාර නම් Upper Hunthana Lodge එකලග ඉදන් තෙවත්ත්ට ගිහින් එතන ඉදන් ආයෙත් කැලේ දිගේ පාර, සිතියමේ නිල් පාටින් දාල තියන පාරවල් වල short ඇදගෙන යන්න බැ ( කැම්පස් ඒකෙ ළමයි ඒකට කැමති නෑලු ...ගුටි kanna ගිහින් බේරුන එකෙක් තමා මටත් කිවුවේ ... ලොල් )

  5.මේක ඊලග පාර මේක තියෙන්නේ උඩපෙරදෙනියේ ඉදන් ,බස් එකක් තියනවා මහනුවර උඩපෙරදෙණිය කියලා , මෙතනින් ගියාමත් මම අර 4 කියපු  තැනටම ගිහින් නගින්න පුළුවන් ඔයාලට.


6.මේ පාර මට මතක නැ එක පාරයි ගියේ පටන්ගන්නේ හිදගල පන්සල ලග ඉදලා සරසවිගම හරහා. එක ගැන ඉදිරියේදී post එකක් දාන්නම්කො :v 

කැලේ පනින්න නම් හොදම පාර තමයි මම ඔය 3,4,5 කියන ඒවගේ ලියලා තියෙන්නේ .... 
ඔයාලා හැමෝම යායුතු සුන්දරම ස්ථානයක් තමයි අමං මේ මගේ දෙවැනි post ඒකෙන් සදහන් කලේ .ඇත්තටම කියනවනම් තෙත් කලාප පරිසර පද්ධතියේ ආරම්භය කිවුවොත් නිවැරදි ,පරිසරවේදීන්ට , කදු තරණය කරන්නන්න්ට, පාරාදීසයක් කියන්න හොදම තැනක් තමයි මේ හන්තාන කදුවැටිය .. :D
viewing alagalla
                              ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....

සැ . යු :-
1.මිදුම් පහත් වෙන හින්දා හවස් වෙන්න කලින් බහින්න ඕනේ,නැත්තන් අතරමන් වෙයි ,ඔන්න කිවුවේ නැ කියන්ඩ නම් එපා :v.

2.බබරුන්ගේ රජදහනක්, ඒ හින්ද ශබ්දය අවම තරමට හොදයි ...අපිටනම් විද්දේ මී මැස්සෝ :p :v 

3.දිවියා කියන සතා ඉන්න හින්දා පරිස්සමෙන් හොදේ :v...

#...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!