Monday, June 29, 2015

මිහිතලය මත නිමවූ සුරලොව.. # " රිවර්ස්ටන් " #.. ( Riverston- Heaven On Earth )


එහෙනම් යාලුවනේ ඔන්න මම ගිය 5 වෙනි සංචාරේ ගැන කියන්නයි යන්නේ.... :v බලන්නකෝ ගිහින් තියනවද කියලා... නොදන්නා කෙනෙක් නම් නැතිවෙයි මේ කියන්න යන පැත්ත.. මේ කියන්න යන්නේ නම් කන්දක් ගැන නෙවේ කදුකර ප්‍රදේශයක් ගැන... වියලි කලාපයයි තෙත් කලාපයයි වෙනවෙන, ඒ කලාපවල කාලගුණික, පරිසර කියන තත්ත්ව සේරම හුගක් හොදින් අධ්‍යයනය කරන්න පුළුවන් පරිසර වෙදීන්ගේ වගේම සොබාදහමට ආදරය කරන්නන්ට පාරාදීසයක් වෙන තැනක් කියන එක නම් නොඅනුමානයි.

Giant Butterfly(යෝධ සමනලයා)

පිටවල පතනට යන අතරතුර


සොබාදහමේ අසිරිය

                                                           ඔන්න එහෙනම් අහගන්නකෝ කොහෙද කියලා .නමින් මේ ස්ථානයට කියන්නේ "රිවර්ස්ටන් " කියලා.මුහුදු මට්ටමේ ඉදන් 1265m උසකින් තමා පිහිටලා තියෙන්නේ.ප්‍රධාන වශයෙන් මේ මුළු කලාපෙම අයිතිවෙන්නේ "නකල්ස් රක්ෂිතයට "මෙතන ප්‍රධාන කොටස් 3ක් තියනවා.

  • රිවර්ස්ටන් දුර්ගය 
  • කදුවැටිය 
  • පිටවල පතන 
    ගමනට සහභාගිවූ මිතුරෝ 
සම්ප්‍රේෂණ කුළුණු 


ඔන්න ඔය කියන තැන් 3නෙන් පිටවල පතන වියලි කලාපෙට අයිති . කන්දේ පැති 2කෙ දේශගුණ තත්ත්ව 2කක් (අම්බුළුවාව වගේ) . මේ සේරම පාලනය වෙන්නේ දුර්ගය හරහා හමන හුළං ප්‍රමාණය හින්දා . ගිහින්ම මේ අත්දැකීම විදගන්නකෝ . ඉතා විශාල ප්‍රදේශයක් පතන හැටියට තමා පිහිටලා තියෙන්නේ, වැඩි ප්‍රමාණයක් තියන්නේ තෘණ ශාක . ඔබ යනවනම් යා යුතුම මාස ටික තමයි මැයි ,ජුනි.ජුලි ,අගෝස්තු  කියන මාස ටික.( ඇයි කිවුවේ කියලා ඒ මාස වල ගිහින්ම බලන්ඩකෝ :D) .


අවේණික වූ සමනලුන් (තෙල්ගමු ඔය)
                                                                                              හරි දැන් කියන්නම් මේකේ තියන වැදගත්කම. පිටවල පතන කියන්නේ ලංකාවේ රාවණා රජ්ජුරුවොන්ගේ කාලෙට විහිදුනු ඉතිහාසයක් තියන ස්ථානයක් , එහෙම කියන්න හේතුව තමා මේ භුමියේ පාෂාණ ලංකාවේ වෙන කොහෙවත්ම පිහිටලා නැ .මොකද න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවූ බවට හොදම සාක්ෂිය තියෙන්නේ මේ පාෂනවල .මේ ප්‍රදේශයේ තමයි රාම - රාවණ යුද්ධය ඇති වුනා කියන්නේ. එක පිළිබද තොරතුරු අපේ ජනප්‍රවාද වල සදහන් වෙනවා. ඒ වගේම රාවණා කියන්නේ යක්ෂ ගෝත්‍රිකයෙක් ,එහෙම කියන්නේ වෙන හේතුවක් හින්දා නෙවෙයි.හුදෙක් ඔහුගේ චරිතය පෙන්වීම සදහා.
Thelgamu oya

                                                (මගේ මතය නම්, "රවණා යුගය කියන්නේ දියුණු ශිෂ්ටාචාරයක් පැවතුනු කාලයක් .කොහොම නමුත් ඒ කාලේ තාක්ෂනය අපි මේ දැන් දකින්නාවූ තාක්ෂණයට වඩා අති විශාල දියුණුවක් තිබුණු තාක්ෂණයක්.මොකද වෙලා තියෙන්නේ න්‍යෂ්ටික යුද්ධයක් ඒ වගේම ඔය කියන දඩු මොනරෙත්  අති දියුණු තාක්ෂණයකින් හදපු ගුවන් යානයක් " :P :v :D ).
පුංචි ලෝකාන්තය 


පිටවල පතන 

                                                    කතාවක් තියනවනේ තාක්ෂණයෙන්ම මිනිසා විනාෂවේ කියලා. අන්න ඒ වගේ දෙයක් ඒ කාලෙත් සිද්ද වෙන්න ඇති .න්‍යෂ්ටික යුද්ධයක් වෙලා ඒ ශිෂ්ටාචාරේම නැති වෙලා යන්න ඇති . මේකට හේතු සාධක වෙන්නේ මේ පිටවල පතන විතරක් නෙවේ . මාණිගල කදුවැටිය .මීමුරේ ,ලකේගල,වස්ගමුව , කයිකාවල ප්‍රදේශයේ වෙඩිලුණු ගුහාව කියන ප්‍රදේශත් මේකට සාක්ෂි දරනවා . අදටත් අපි නොදන්නා රාවණා යුගයේ පුරාවෘත රාශියක් මේ ලක් පොලවේ හැංගිලා තියනවා නොඅනුමානයි  .( තවත් කතා තියනවා ඒවා මම ඉදිරියට මේ ප්‍රදේශ ආශ්‍රිත post ලියද්දි කියන්නම්.)
කදුමුදුනට යන අතරතුර 
 



                                                        තව තියනවා කියන්න නම් මේ post එක ටිකක් දිග post එකක් වෙයි.මොකද එච්චරකට සුන්දර ස්ථානයක් ගැන තමා මම මේ කියන්නේ. ඔයාලට රිවර්ස්ටන් යනවනම් බලන්න දිය ඇලි ගොඩක් තියනවා සේර ඇල්ල, වද්දාපැනි ඇල්ල , දුවිලි ඇල්ල . බබර කිරි ඇල්ල ඇතුළු දිය ඇලි ගොඩක් බලන්න පුළුවන්.නමුත් මේවා බලන්න වෙන වෙනම යන්න ඕනේ . ඒ හින්දා දවස් 2කක 3ක සංචාරයකට තමා යන්න ඕනේ . එක දවසක ගමනක් නම් "තෙල්ගමු ඔය" බලලා නාලා , පිටවල පතන, රිවර්ස්ටන් බලලා  එන්න පුළුවන් .

බබරකිරි ඇල්ල 

රිවර්ස්ටන් කියන්නේ මං මුලින් කිවුවා වගේ ඉතා විශාල ප්‍රදේශයක් .ඔයාලට එක දවසින් මේ ප්‍රදේශයේ සුන්දරත්වය විදින්න නම් කොහෙත්ම අවස්තාවක් ලැබෙන්නේ නැ, එච්චරකට යන්න තැන් පිරිලා මම මේ කිවුවේ එක ගමනක් ගැන විතරයි .රිවර්ස්ටන් ප්‍රදේශයේ ඔයාලට යන්න පුළුවන් තව ගමන් තියනවා ,ඒවා අමං ඉදිරි post වලින් කියන්නම්.
ඇටන්වල ගමේ වෙල්යාය ,පිටුපසින් මාණිගල කදුවැටිය , උලක් හැඩයට පෙනෙන්නේ මීමුරේ පිහිටි ලකේගල කන්ද 

දැන් එහෙනම් රිවර්ස්ටන් වලට යන පාරවල් ටික මම කියන්නම්කො ..යන්න තියන්නේ එක පාරයි . නමුත් ඒ පාරට අතුරු පාරවල් ගොඩක් තියනවා.

ඔන්න එහෙනම් පාරවල් ටික ,


  1. මේ පාර තමා රිවර්ස්ටන් යන ප්‍රධාන පාර, මගේ ගමනාරම්භය මාතලේ බස්නැවතුම්පල.(දැන් එක කොහෙද අහන්න එපා :p) මෙතනින් බස්  එකක්  යනවා රත්තොට හරහා හෙට්ටිපොල කියලා. දැන් නම් බස් 3ක් හෝ 4ක් තියනවා පලවෙනි බස් එක යන්නේ මාතලෙන් උදේ 8 ට . එතන ඉදන් පැය  එකහමාරක ගමනකින් ඔයාලට රිවර්ස්ටන් වලට ලගාවෙන්න පුළුවන්. ඔයාලට හම්බවෙන අවසාන නගරය වෙන්නේ රත්තොට .
  2. මේ පාර තමා අනික් පැත්තෙන් එන පාර . ඒ හෙට්ටිපොල ඉදන් එන පාර. ඒ පාරේ ඇවිල්ල පල්ලේගම පාලම එහෙම පහු කරලා ටික දුරක් එනකොට වමට හැරෙන්න ඕනේ.( නාමපුවරු දාලා තියනවා :v ) මම එහෙන් ගමනාරම්භය ගත්තේ මහියංගනය . එතන ඉතන් පාරවල් 2ක් තියනවා . එකක හසලකට ඇවිත් හෙට්ටිපොළට එන මාර්ගය (ඒක වැටිලා තියෙන්නේ මිනිපේ ඇළ ලගින් ,මේ දවස් වල නම් හදනවා) .අනික් පාර මහියංගනයෙන් ගිරාදුරුකෝට්ටේ හරාඅ එන පාර . මේ මොන පාරක ආවත් පැය 4ක විතර කාලයක් ගත  වෙනවා .
  3. ඊලග පාර තමයි ඇලහැර ඉදන් එන පාර එකේ ඇවිත් පල්ලෙගමට කලින් දකුණට හැරෙන්න ඕනේ . 



ගිය සෙට් එක (කාවින්ද,රෝහිත,පානි ,ශවී ,බට්ටා ,මම,ඉසුරංග )

  


















පිටවල පතනට රිවර්ස්ටන් පෙනෙන අයුර 

1.වර්ෂා කාලෙටනම් යන එක සුදුසු නැ  ,ලිස්සන ගතිය හින්දා. කුඩැල්ලා කියන සතා ඉන්නවා .

2.තෙල්ගමු ඔයේ නාද්දී පරිස්සම් වෙන්න .බිලිගන්නා සුළුයි.

3.කදු බෑවුම් සහිත ප්‍රදේශයක් හින්දා යන වාහනය පිළිබද සැලකිලිමත් වෙන්න .

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....
රිවර්ස්ටන් වලට ඇටන්වල ගම දිස්වන අයුර 




                   #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

Tuesday, June 16, 2015

කඳුරට මායිමේ දැවැන්තයා .... අලගල්ල කඳුවැටිය :D

හෙහේ ... 4වෙනි පොස්ට් එක හොදේ .... :v අද නම් කියන්ට යන්නේ අලියෙක්ගේ හැඩේ තියන කන්දක් ගැන ... දැන් ඔන්න ඉතිං කන්දේ නම හිතාගෙන ඇති. ඒ උනාට ඒ කන්ද නෙවෙයි .. :v :D  
කදු මුදුන 


                               මේ කියන කන්දත් පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේම තමයි.කොළඹ ඉදන් එන කෙනෙක්ට මාවනැල්ල කිට්ටු වෙද්දී පේන්නෙත් මේ කන්දම තමා . තව එකක් තියනවා මේ කන්ද "මහනුවර සානුවේ" එක කොනක්. ඒ වගේම ප්‍රධාන නගර 3ක මායිම් වෙනවා එකක් තමා රඹුක්කන කිට්ටුව තියන කඩිගමුව අනික තමා පොත්තපිටිය ,අනිත් එක තමා ගලගෙදර ..... දැන් නම් ඉතින් කට්ටිය දන්නවා ඇති මම කියන්ට යන කන්ද මොකක්ද කියලා :v 
බෝවිටියා + බඹරා 



                            අලට කන්න බැරි අලගල්ලේ කන්ද...... :D 

ඔන්න ඕකයි තැන නම්,ඉංගිරිසියෙන් නම් "potato mountain range ".ගම්මු අතර මෙන්න මෙහෙම කතාවක් නම් තියනවා , සමහර අය මේකට "වැහි-ගේන කන්ද" කියලත් කියනවා. (අත්තම්මලාගේ කාලේ අය). ඒකට හේතුව කියන්නේ මේ කන්දේ තියන සිරිපතුල් ගලේ පැත්තක ගලේ කොටලා තියන තියන වතුරවලක් .ඒකෙ වතුර හිඳෙන්න ලන්වෙනකොට මේ ප්‍රදේශයට අනිවාරයෙන්ම වැස්ස ලැබෙනවලු(යකා මීයා නම් ඕක දන්නවා ඇති.. කන්ද ගෙදර ලගමනේ :p ) .මාවනැල්ල ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්න මේ කන්දේ තියන භූ විෂමතාවය හොදින් බලපානවා කියලා මාවනැල්ලට යන ඕනේ කෙනෙක්ට තේරෙයි.
සිරිපතුල

හෙල්මලු ක්‍රමයේ වෙල් යායක් 


                                            හරි එහෙනම් කන්ද ගැන කියන්නම්කො . ලංකාවේ කදු අතරින් 16 වෙනියට උසම කන්ද තමා මේ කන්ද .උසින් 1148m විතර වෙනවා,ඒ වගේම මහනුවර සානුවේ හුදෙකලාව නැගීසිටින කන්දක්.පෙබරවාරි 4 වෙනිදයින් තමා මේ කන්ද නගින්න පටන් ගන්නේ.
the team ,who went to Alagalla 



මම දැනට නැගපු කදු වලින් තරණය කිරීමට මදක් අපහසු කන්දක් කිවුවොත් නිවැරදි. මොකද පොලව ලිස්සන ගතියක් තියනවා ,ඒ වගේම බෑවුමත් ටිකක් තදයි.ඒ හින්දා වර්ශාකාලෙට මේ කන්ද නගින්න යන එක හුගක් භයානකයි.තව එකක් කියන්න තියනවා ,උඩටම නැග්ගම සිරිපතුල් ගලට යන්න අපිට පලවෙනි කන්ද බහින්න වෙනවා.මේ ගල් වැටියට කියන්නේ "ලිස්සන ගල" කියලා, නමින් තේරෙනවා ඇතිනේ අයි කියලා ,වැස්සකාලෙට නම් ඒ ගලෙන් බහින්න බැ. ඒ හින්දා ඒ කාලෙට යනවනම් කන්ද වටෙන් තමා යන්න වෙන්නේ.( පොඩි සිද්දියක් මතක් උනා....අපේ සෙට් ඒකෙ ඉන්න බට්ටා පල්ලම් බහින්න බයයි, ඌ මේ ලිස්සනගලේ වෙවුල වෙවුල බැහැලා කලිසම ඉරාගත්තා :v)
ලිස්සන ගල 


ඒ උනාට උඩරට ,පහතරට කියන දෙකම බලාගන්න පුළුවන් සුන්දර ස්ථානයක්. යන කෙනෙක් නොවරදවාම කැමරාවක් නම් අමතක කරලා යන්ඩ එපා.තව වතුරත් අමතක කරන්න එපා :v .

කදු මුදුන කරා යන අතර තුර 

                                                                                    වැඩි කතා නැතුව යන්ද පුළුවන් පාරවල් ටික කියන්නම්කො :D ,ඔන්න එහෙනම් අහගන්ඩකෝ .

1. නොම්මර එකට මම කියන්නේ යන්න ලේසි පාර , හැබැයි ඉතිං අමාරු පාරවල් වලින් ලේසි පාර තමා මේ.අද මගේ ගමනාරම්භය වෙන්නේ පිළිමතලාව කියන නගරය (ම්හ්ම්ම් .... අපේ වාසභූමිය :p) . කොළඹ ඉදන් එන කෙනෙක්ට නම් කෙලින්ම පිලිමතාලාවෙන් බැහැගන්න පුළුවන් එහෙම ඇවිල්ලා බැහැලා එතනින් ඔයාලා නගින්න ඕනේ පොත්තපිටිය බස් එකකට.

 නුවර ඉදන් එනකෙනෙක් නම් ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් කෙලින්ම පොත්තපිටිය බස් එකකට නගින්න පුළුවන්.
තේ වත්ත හරහා ඉදිරියට 


ඊට පස්සේ ඔයාලා එන්න ඕනේ පොත්තපිටියට එතන ඉදන් තේ වත්තට යන පාර දිගේ ( තේ කර්මාන්තශාලාව  පාර) දිගේම වතු බංගලාව  පහු කරගෙන තෙවත්තේ උඩටම යන්න ඕනේ.පාර ඉවරවෙන තැනින්ම තමයි කන්දට නගින පාර පටන් ගන්නේ , එතන ඉදන් දළ බෑවුමක් තමා මුදුනට යනකන්ම . මෙන්න තියනවා පාර....



2. මෙන්න දෙවෙනි පාර, මේක ඉතිං සෑහෙන විනෝදයක් ලබන්නත් පුළුවන් ගමනක් වෙයි එන්ඩ තියෙන්නේ කෝච්චියේ . කොල -මහනුවර කෝච්චියේ ඇවිල්ලා ඔයාලා බහින්න ඕනේ " ඉහල කෝට්ටේ " දුම්රිය ස්ථානයෙන් එතනින් බැහැලා තියනවා පොඩි වතුරපාරක් ,ඇලක් වගේ ඒකෙන් ඕනේ නම් නාගන්නත් පුළුවන්. හැබැයි ඔන්න දැන්ම කිවුවා මේ පාර ටිකක් දුෂ්කරයි.යන එන අය අඩු හින්දා කැළේ වෙනවා ඉක්මනටම ,මානා කලාවක් මැදින් යන්න තියෙන්නේ . 


3. තවත් පාරක් තියනවලු.මේ පාර මම හරියටම දන්නේ නැ .නමුත් පාරක් තියනවා කියලා කියනවා හතරලියද්ද පහු කරාම. හොයාගත්ත ගමන් එකත් කියන්නම් .
වල් දුරියන් 

නෑම 
මෙතැනදී මම මතක් කරන්න ඕනේ මගේ ගජයෙක් වෙන යකාමියලා දිහයින් අපිට හම්බුන සංග්‍රහය ගැන බොන්න කුන්දිරා කඩලා දුන්නා,හරිම රසවත් හවස් ආහාරවේලක් ලබාදුන්නා.(බත් හරිද) තව අපිත් එක්ක ගිය ගෙවල් වල වතුර නැති අයට නාන්න දුන්නා (ශවීන්ද්‍ර  ,මාලින් කියන ළමයින්ට :v )
කෑම වේල

සැ . යු :-( google image ද උපුටාගෙන ඇත, කන්දේ පිහිටුම හුදෙක් ගමන් මාර්ගය අවබෝධය පිණිස මෙසේ සටහන් කොට ඇත. )


කඳු පන්තියේ ඉහලම ස්ථානයේ සිට 

1.වර්ෂා කාලෙටනම් යන එක බොහොම භයානකයි ,ලිස්සන ගතිය හින්දා.

2.වතුර අරගෙන යන්න, කන්ද මුදුනට යනකොට වතුර නෑ.... 

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




                   #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!