Monday, January 4, 2016

බතට කන්න බැරි " බතලේගල කන්ද " :v :D



 ඔන්න එහෙනම් යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ හැඩරුවෙන් සීගිරියට සමානකමක් තියන කන්දක් ගැන .

ඈතින් අසුපිනි ඇල්ල ...
                             
                                                              මේ කන්ද පිහිටලා තියන්නේ ඌරා කන්ද කදු වැටියේ අවසානයේ අසුපිනි ඇල්ලට මුහුනලාගෙන සහ දෙවනගල කන්දට ආසන්නයෙන් .. අයත් වෙන දිස්ත්‍රික්කය වෙන්නේ කෑගල්ල . ආසන්නම ගම තමා දිප්පිටිය,දෙබත්ගම . ඈත අතීතයේ මේ කියන කන්ද මුදුනේ අරණ්‍ය වාසි භික්ෂුන් වහසේලා හිටියා කියලා මතයක් තියනවා.. ඒ වගේම පැරණි විහාරයක් පැවතුනා කියන්න සාක්ෂි අදටත් මේ කන්ද මුදුනේ තියනවා ....පුලුවන් නම් හිතලා බලන්න මොකක්ද මේ කියලා :D ... මමම කියන්නම්කො .... නමින් ,

                      බතට කන්න බැරි " බතලේගල කන්ද" .............
බතලේගල පිටුපස ... දෙවනගල ඉදිරිපස 
ඉංගිරිසියෙන් නම් " Bible Rock ". උසින් මීටර 239 ක් වෙනවා .. 
ගමන් විඩාවට විරාමයක් 

තවත් මතයක් තමා යාලුවනේ මේ කියන කන්ද වගේ කදු 5ක් ලංකාවේ හැදුවා කියන එක .. එක හදලා තියෙන්නේ රාවනා රජතුමා තමයි .හේතුව තමා සීතා කුමාරිව හැන්ගුවේ ආලකමන්දාවේ එහෙමත් නැත්තන් සීගිරියේ . ඉතින් මන් කලින් කිවුවා වගේ සිගිරිය ,බතලේගල එකවගේනේ, එහෙම කරලා තියෙන්නේ රාමාව මුලාකරන්න. (කොහොමද රාවණාගේ ආදරේ :v ;) )

ඔන්න ඉතින් කතන්දරෙත් මම කිවුවා.... 
කදු නගිනා අතරතුර සුන්දරත්වය දුටිමි 

ඔන්න ඉතින් වෙනදා වගේම වෙලාවට වැඩකරන අපේ සෙට්(සමනලයා,රාමේ ,ඉසුරංග,බටර් ,පානි,SMS ,මම ) එක 6ට නුවරට එනවා කියලා 6 වෙද්දී අවා කියන්ඩකෝ ... කවදාවත් නැතුව එකත් හරියටම උනා .. අපි ඉතින් කලින් සතියේ කලේ පැන්න අතාගෙන් පාරත් අහගෙන මාවනැල්ලට පිටත් උනා .. එහෙන් උදේ 7.30ට බස් එකට නැගගත්තා පැයකට අසන්න වෙලාවකින් අපි කන්ද නගින්න පටන් ගන්න තැනට ආවා...
කදු මුදුන 

( තව ඩින්ගෙන් අමතක වෙනවා... එදාම කැළණි කැම්පස් එකේ අක්කලා සෙට් එකක්ම ඇවිල්ල හිටියා කන්ද නගින්න.. අපේ උන්ට ආයේ මොනවද ඉතින්.. මන් හිතන්නේ එදා තමා සතුටින්ම කන්ද නැග්ගේ,.. :P සින්දුත් කිඋවනේ කන්ද මුදුනේදී කට්ටිය සෙට් වෙලා ... :v :P ) 

දැන් කතා ඇති යන්න ආසා තියෙන යට යන මම පාර කියන්නම්කො .. එක පාරයි .. හැබැයි පාමුල ඉදන් පාරවල් 2යි ..
එකක් පඩිපෙලක් ..බැවුම අංශක 60කට කිට්ටුයි
ඌරා කන්ද ලගින් .....වම් පස ඈතින් කබරගල 
අනික පන්සල ලගින් වතුරපාරක් ලගින් කැලේ මැදින් යන පාර .එකෙන් යන එක තමා ලේසි ..


  1. වෙනදා වගේම ගමනාරම්භය මහනුවර.. මහනුව ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් මාවනැල්ල බස් එකක නැගලා මාවනැල්ලට ඇවිත් .. එතනින් දිප්පිටිය දෙබත්ගම බස් එකේ නැගලා බතලේගලට එන්න ඕනේ . ඇවිල්ල ඉතින් කන්ද නගින්නයි තියෙන්නේ 2.5 km .... :v හරි ලේසි...
සැ . යු :-( google image ද උපුටාගෙන ඇත,  හුදෙක් ගමන් මාර්ගය අවබෝධය පිණිස මෙසේ සටහන් කොට ඇත. )
ගමනට සහබාගි වූ මිතුරන් 

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....


 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!