Wednesday, March 2, 2016

# ආදරවන්තයන්ගේ දිනයේ .. නකල්ස් කුමරිය සොයා ගිය ගමන #

                                                      ඔන්න එහෙනම් ළමයිනේ  මම අද කියන්න යන්නේ අත මිට මොලවපුවම වගේ හැඩයක් තියන කන්දක් .... නෑ නෑ .. කදු පන්තියක් ගැන ...:v :D  
නකල්ස් කදු පන්තිය 

                                            මේ ගමන ඉතින් එක පාරක් ගියොත් ආයේ නොයා ඉන්න බැරි තැනට පත්වෙනවා ඔන්න... බොරුනම් ගිහින්ම බලන්නකෝ... :v .. එහෙනම් අහගන්නකෝ මේ ගමන තමා නකල්ස් කදු  පන්තියට යන ගමන .ඒ කියන්නේ මුහුදු මට්ටමේ ඉදන් 1200-2000m අතර උසක් . මේක කදු විශාල ප්‍රමාණයකින් යුතු පද්ධතියක්. නුවර ඉන්න කෙනෙක්ටනම්  එකදවසක ගමනක් වෙන්නත් පුළුවන් . 
ගෝමර හා බබරැල්ල පාර එකතු වුන තැන (සහභාගිවූ මිතුරන් sms ,මාලින් ,ඉසුරංග ,ලහිරු ,ශවී ,යසස් ,ලහිරු )
                                                           ඒ උනාට මේ ගමන දවස් 2,3,4 කරනත් පුළුවන් . හුගක් හොදවෙන්නේ දවස් 2කක් වගේ ගියොත් තමා . කෑම්ප් කරලා සේරම අත්දැකීම් විදගන්න පුළුවන්... ඒ වගේම ගොන්නු ,දිවියෝ අඩුවක් නැතුව බලාගන්න පුළුවන් . තව කාලයක් තියනවා  ඒ කාලෙට ගියොත් බය නැතුව අලිත් බලාගන්න පුළුවන්. ඒ වගේම දවස් 4කට වගේ යනවනම් එක්කෝ මීමුරේ එහෙමනැත්තන් දුවිලි ඇල්ල ,මානිගල හරහා රිවර්ස්ටන් යන්නත් පුළුවන් ...
නකල්ස්  පන්තියේ ඉදිරිපස 
                                               මම එහෙනම් කතාව පටන් ගන්නම්කො. මුලින්ම කියන්න ඕනේ නකල්ස් රක්ෂිතය කියන්නේ වියලි කලාපෙට තෙත් කලාපෙට වගේම තෙත් වියලි පරිසර පද්ධතියටත් හසුවෙන, අංග සම්පුර්ණ විවිධත්වයකින් යුක්ත පරිසරයක් ... හුන්නස්ගිරිය ,මානිගල,ගොම්බානිය , ලකේගල ,රිවර්ස්ටන් ,නකල්ස් , මීමුරේ , පතන, දිය ඇලි , වනෝද්‍යාන .. මේ කියන හැම දෙයක්ම පවතින්නේ මේ නකල්ස් රක්ෂිතය .. අපි මේ යන්න යන්නේ මුහුදු මට්ටමේ ඉදන් 1600m ඉහල ශිත කලාපෙට.( නකල්ස් රක්ෂිතය කිවුවම ඉතින් රාවණා රජතුමා අමතක කරන්නම බැරි පුගල්යෙක් වෙනවා කියන එකත් මතක තියාගන්නකෝ ...  )
වියලි කාලයේ දුකින් පෙලෙන හුළුගග ලලනාව 

                               එහෙම නැත්තන් තවත් පාරක් තියනවා. ඒ තමා ගොම්බානිය කන්ද හරහා නකල්ස් පන්තියට යනපාර. ඒක මම ගොම්බානිය ගිය ගමනේදී කියන්නම්කො. මේ කියන්න යන නකල්ස් රක්ෂිතයේ අද වෙනකන් කිසිදු මිනිස් වාසයක් නොලැබුන කලාප ඒමට තියනව ඒ තමා ,මිමුරේට යනකොට වෙඩිලුණු ගුහාව හරියේ තියන කදු පන්ති ටික... ඒ ගැන ලොකු විස්තරයක් ලකේගල කන්ද ගැන කියද්දී මම කියන්නම්කො.. දැනට මෙහෙම  කියන්නම් .
ජෛව විවිධත්වය

                                                                ( ලකේගල කන්ද කියන්නේ ස්වභාවධර්මයාගේ නිවැවුමක් පෘථිවියට විශ්ව ශක්තිය උරාගන්නා තියන , එහෙමත් නැතිනම් ශක්ති කේන්ද්‍රයක් . ශක්ති කේන්ද්‍ර ගැන කියද්දී ආයෙත් මතක් වෙන්නේ රාවණා  රජතුමාව .මොකද ලකේගල කියන ශක්ති කේන්ද්‍රය පදනම් කරගෙන ඉතාමත් දියුණු තාක්ෂණයක් පවතවාගෙන යන්න රාවණා  රජතුමා සමත් වෙනවා මේ ලක් රජදහනේ. මොකද ස්වභාවිකව විශ්ව ශක්තිය කියන එක උරාගත හැකි දැනට ලොව තියන එකම හැඩය තමා පිරමිඩ හැඩය . උදා :- පිරමිඩ ,වෙහෙර ).ඒ ගැන  විස්තර පස්සේ කියනම්කො ... :v :D...
කදු මුදුනේ සිංදු සාජ්ජය


                           හරි එහෙනම් ඔන්න මම දැන් කියන්න යන්නේ knuckles වලට යන්නේ කොහොමද කියලා . වෙනදා වගේම මගේ ගමනාරම්භය වෙන්නේ මහනුවර නගරය තමා ඉතින් .
තෙත් කලාපීය වෘක්ෂ ලතාවෝ 



  • උදේ 6 වෙනකොටවත් මහනුවර ඔරලෝසුකනුව ලගට අවොත් ඉක්මනටම "වත්තෙගමට" යන්න පුළුවන් ඊළගට වත්තේගමින් නගින්න ඕනේ බඹරැල්ල බස් එකට ඔන්න එතකොට පන්විලින් හුන්නස්ගිරියත්  පහු කරගෙන ඔයාලා එනවා "බබරැල්ල" .. බබරැල්ල ඉදන් ඉතින් "හුළුගග" පාමුලින් නානවානම් නාලා ගමන පටාන් ගන්නයි   තියෙන්නේ.
  • තව පාරක් තියනවා එක එන්නේ ගෝමරට , ගෝමර ඉදන් ඕනි නම් නගින්නත් පුළුවන් එකත් බබරැල්ල  කිට්ටුවම තියන තව පාරක් .
              මහනුවර ඉදන් ගෝමරට,බබරැල්ලට  50km විතර තියනවා ... බස් එකේ නම්  අපිට එතනට යන්න රුපියල් 150 කට කිට්ටු වියදමක්  ගියා .. අපි බබරැල්ල එනකොට උදේ 10 විතර උනා... ඉතින් එතන ඉදන් ගමන පයින් තමා කන්ද මුදුනට 7km විතර යන්න ඕනේ .. හැබැයි එක පාරක් ගියොත් ආයේ නොයා ඉන්නෙත් නෑ .. යනගමන් ඕන නම් හුළුගග ඇල්ලත් බලන්න පුළුවන් හුලුගගදී .(තව ගමනක් තියනවා "ගොම්බානිය(1906m)" මේ තමා නකල්ස් කදු පන්තියේ උසම කන්ද ,එකත් දවසක කියන්නම් එක යන්නේ හුළුගග ඇල්ල ලගින් බැහැලා ). තව ඉතින් කන්ද නගින්න පටන් ගන්නකොටත් පුංචි දිය ඇල්ලක් හම්බවෙනවා .. ඔන්න ඕනේ නම් එතනිනුත් නාගන්න  පුළුවන්. 
හුළුගග ඇල්ල

                                              තව ටිකෙන් අමතක වෙනවා  නකල්ස් නගින්න පටන් ගන්නකොට රුපියල් 30 ක් ටිකට් එකක් ගන්න වෙනවා ඒ වගේම එතන ඉන්න නිලධාරීතුමාව දැනුවත් කරන්න ඕනේ එදාම එනවද කියලා .
                        ටික දවසක් ඉන්න යනවනම් තාලිය වැටුන ඇල්ල, සාරි ඇල්ල, ජෝඩු ඇල්ල , hunnas falls එහෙමත් බලාගෙනම එන්න පුළුවන්. 
hunnas falls

             තව මතක තියාගන්න ඕන එක මග සලකුණක් තියනවා මේක මතක තියාගන්නම ඕනේ මොකද මෙතන අමතක උනොත් ඔයාලා බබරැල්ලෙන් බහින්න හිටියනම් බහින්න වෙන්නේ ගොමරින් එක ගැන සැලකිලිමත් වෙන්න ගමන යනකොට :v :D 
නකල්ස් මග පෙන්වන්නා " අපි කිවුවේ ජිමි "


                                                                ඔන්න එහෙනම් මම ඔක්කොම  විස්තරේ කිවුවා.. අමතක උන එකක් තිබ්බොත් අයෙත් දාන්නම් ...

සැ . යු :-( google image ද උපුටාගෙන ඇත,  හුදෙක් ගමන් මාර්ගය අවබෝධය පිණිස මෙසේ සටහන් කොට ඇත. google සිංහල font වෙනස් කරලා තියන හින්දා සමහර වචන නිවැරදි නෑ .. )

නාන ෆොටෝ දාන්න එපා කිවුවා ... :P 


ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!