Monday, September 21, 2015

සීත මීදුම් කදුකරයේ මුදුන කරා ගිය ගමන ... # පිදුරුතලාගල කදුවැටිය #

                                                       ඔන්න එහෙනම් යාළුවනේ අද මම කියන්න යන්නේ ලංකාවේ තියන උසම තැන ගැන.මේක මගේ 7 වන සංචාරය ... ( දිවියන් හොදින් බලාගන්න පුළුවන් තැනක් :v) පිහිටලා තියෙන්නේ නම් " පුංචි එංගලන්තේ ", එහෙමත් නැත්තන් නුවරඑළියේ.. 
 පිදුරුතලාගල

                                                                       මේක තමයි වැඩිම පිරිසක් සහභාගිවුන අපේ සංචාරය .( ගියේ ලොකු වෑන් එකක ..17ක්ද කොහේදෝ ගියා ) . මේක ගිහිල්ලත් හෙනම ලැජ්ජා සහගත වැඩක් උනා ඉතින්. (ඒ වගේම බට්ටාට හුගක් විරිදුත් කිවුවා, කිවුව විරිදුනම් දාන්න අමාරු තත්වයක් තමා තියන්නේ, තව තොසේ කතාවකුත් තියනවා  :v , තව ක්ශාරපානී බල්ලයි කියලා කතාවකුත් තියනවා, තව අපේ පන්ති නායකයා වෙච්ච බටර් (ළහිරු) හොයපු කොළ වර්ගෙක කතාවකුත් තියනවා... :v ).
සහභාගී වූ මිතුරන් (වම පස සිට පොඩ්ඩා ,බට්ටා,බටර්,ශවී,රාමේ,මම,අබේ,පාල,ඉසුරංග,උදේශ්,ඉසුරංග අයියා ,අතා ,SMS ,මාලින්,අඹයා,පානි  )

                                          ඔන්න එහෙනම් A/L එහෙම හමාරවෙලා එකෝමත් එක කාලෙක ඔන්න ආයෙත් අපේ කැහිලි කාරයෝ සෙට් එකම එකට ගමනක් යන්න සෙට් උනා 2013 ජුලි මාසේ . මේක ඉතින් වන එකකුත් අරගෙනම ගියා කියනවකො.ලොක්කෝ ටික ලජ්ජා නැතුව ගිය ගමනක් මේක . අපේ උන් ඉතින් වෙලාවටම වැඩ කරන හින්දා කොහොමත් ගමනක් කියනකොට එනවෙලාවට පැයක් විතර කලින් වෙලාවක් තමා කියන්නේ ( නැත්තන් ඉතින් මුන් එනකන් අපි තපින්ඩ ඕනෙනේ හෝල්ට් ගානේ :p ).
හග්ගල 


                                              ඔහොමෙන් කොහොමෙන් හරි සෙට් වෙලා ඔන්න පටන් ගත්තා ගමන යන්න. කාලෙකින්නේ කට්ටිය සෙට් උනේ සමහර එවුන් ලැජ්ජා වෙනවා ගන්න දෙයක් නැති වෙනකන් ( ඔය කිවුවට එහෙම වෙන්නේ බට්ටි,බටරුයි ,පානී තමා) . කොහොම හරි ගිහින් ඔන්න උදේ අවා නුවරඑලියට .ඇවිත් කන්න ගියාම තමා තොසේ වැඩේ උනේ. ඇවිල්ල ලොක්කෝ වගේ ඔන්න ලංකාවේ උසම තැන බලන්න පිටත් උනා. පිදුරුතාලාගල යනකොට අනිවාර්යයෙන් pass එකක් අරන් යන්න( ශවියා හිටපු හින්දා උඩට ගියා). 

                                                                             එහෙනම් පම්පෝරිය ඇතිනේ ගිය තැන ගැන කියන්නම්කො. මේක ශ්‍රීලංකාවේ තියන උසම ස්ථානය . ඒ වගේම පුංචි එංගලන්තයේ සිතලම තැන. දවසේ වැඩි හරියක් මීදුමෙන් වැහිලයි තියන්නේ . ඒ වගේම ගුවන්විදුලි,රේඩාර් මද්‍යස්තානයත් පිහිටලා තියෙන්නේ මේ කන්ද මුදුනේම තමා .හොද පැහැදිලි දවසක ගියොත් ඔයාලට හග්ගල, ශ්‍රී පාදය, කිකිලියාමාන , සින්ගල් ට්‍රී ,conical hill , හෝර්ටන් තැන්න , තොටුපොල මේ කිව නොකිව හැම එකක්ම බලාගන්න පුළුවන්.(අවාසනාවට අපි ගිය දවසේ මීදුම ) තවත් වාසනාවන්ත නම් ඔයාලට දිවියන් ගූනුන් බලාගන්නත් පුළුවන් වෙයි. මම මගේ කලින් blog පොස්ට් වල සදහන් කරලා තියනවනේ ,කදු තරණය කරන්නන්ටම සුවිශේෂී පාරවල් තියනවා කියලා මේ පිදුරුතලාගලට එන්න.  
පිදුරුතලාගල කදුමුදුන 


  1.  එකක් මම කිවුවා මහනුවර තියන හන්තාන කදුවැටියෙන් පටන්ගෙන එන්න පුළුවන් කියලා.
  2. තවත් ලස්සන ගමනක් තියනවා හබි මේක ඉතා දුෂ්කරයි .ඒ තමා මන්දාරම් නුවර හරහා යන පාර ( අපි ඉදිරියේදී මේක යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා) 
  3. ඒ වගේම පුස්සැල්ලාව chariot path , රම්බොඩ හරහා තියන පාර.(නුදුරේදීම ඒ පොස්ට් එකත් දාන්නම් )
  4. ලූල්කදුර වතුයාය හරහා එන පාර (ලූල්කදුර වතු යායත් අයිති වන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයට වගෙම පිදුරුතලාගල රක්ෂිතයට )
    බට්ටාගේ තොසේ 
පානිගේ බවුවා 
















                                         












                                         හරි එහෙනම් මෙන්න කන්ද ගැන විස්තරේ . නමින් පිදුරුතලාගල එහෙමත් නැතිනම් mount Pedro . මේ කන්ද අයිති වෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයට(තෙත් පතන කලාපය) , උසින් මීටර 2524 ක් වෙනවා. පිහිටලා තියන්නේ ආරක්‍ෂිත කලාපෙක. ඒ වගේම ගොනුන් , දිවියන්ගේ රජ දහනක් . ඒ වගේම කොච්චර සීතලද කියනවානම් ඔයාලා කන්ද මුදුනට ගියාම ඒ පතනෙ තියන තණකොළ වලින් තේරෙයි. පිනිබින්දුවක් නැති තැනක් හොයාගන්න බෑ ඔයාලට . 
පිදුරුතලාගල යන අතර තුර 

                                                            වාහනෙකින් ඔබ පිදුරුතලාගල යනවානම් ඔබට තවත් ගමන් කිහිපයක් යාමේ හැකියාව තියනවා.හග්ගල මල්වත්ත, lover's leap දිය ඇල්ල , Gregory lake park එක ,Victoria park  වගේ ස්ථාන වලට යන්න පුළුවන් . නුවරඑළියේ සැබෑ ලස්සන බලන්න නම් ඔබ යායුත්තේ දෙසැම්බර්- මැයි යන මාස අතර තුර..
හග්ගල සුන්දරත්වය 



හරි වැඩි කතා ඕනේ නැනේ මම කතාවට පිදුරුතලාගල යන්නේ කොහොමද කියලා කියන්නම්කො...
lover's leap වල අපි 


  1. මගේ කතාව ..එක ඉතින් .. නුවරින් පටන් ගන්නේ :v .. ගුඩ්ෂෙඩ්  එකෙන් ඇති වෙනකන් බස් තියනවා නුවරඑලිය. නුවර එලියට ගිහින් එතනින් lawson පාරෙන් ,ශ්‍රී ජයතිලක මාවතට එන්න ඕනේ.එතනින් ගැමුණු මාවතේ ඇවිත් පිදුරුතලාගල පාරේ යන්න ඕනේ.(මතක ඇතුව අවසර අරන් යන්න) 


  2. අපි පිදුරුතලාගල ගිහින් හග්ගල මල්වත්ත්ටත් ගියා. හරිම ලස්සන ස්ථානයක් ( කෙල්ලෝ එක්ක යන්න එපා ..:P ) මේ හග්ගල මල්වත්ත පිහිටලා තියෙන්නේ හග්ගල කදුවැටිය පාමුල. මේ හග්ගල කදුතරණය දවස් 3ක ගමනක් ඒ ගැන මම ඉදිරි post එකකින් කියන්නම් .හග්ගල පිහිටලා තියෙන්නේ සිතාඑලිය කියන ප්‍රදේශයේ .
    හග්ගල 
සැ . යු :-( google image ද උපුටාගෙන ඇත,  හුදෙක් ගමන් මාර්ගය අවබෝධය පිණිස මෙසේ සටහන් කොට ඇත. )


1.වර්ෂා කාලෙටනම් යන එක සුදුසු නැ  ,ලිස්සන ගතිය හින්දා,මී.දුම තව හේතුවක් 

2.කදු බෑවුම් සහිත ප්‍රදේශයක් හින්දා යන වාහනය පිළිබද සැලකිලිමත් වෙන්න .
පිදුරුතලාගල මුදුනේදී 


ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....


                             #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

                                            ඔබට සුබගමන් !!!!

Saturday, September 12, 2015

සීතාගේ ආලකමන්දාව ... කසුප් රජුගේ බලකොටුව (සිගිරිය) .....

"පියාගේ හදිසි වියෝවෙන් පස්සේ ලියන පලවෙනි බ්ලොග් එක...මේ ලියන වචනයක් පාසා මේවාට ශක්තියක්ව සිටි ඔහුට මේ පින් අයිති වෙන්ඩ ඕනේ, ඒ වගේම අම්මටත්  "...................................



ඔන්න එහෙනම් යාළුවනේ අද මම කියන්න යන්නේ රාජධානියක් ගැන..... නිකන්ම එකක් නෙවේ.කන්දක් උඩ තියන එකක් ගැන. කලින් රජකෙනේක්ගේ මාලිගාවක් තමා මේ නමින් මේ රාජධානිය ඇති උනේ.  :P .. දැන් නම ඉතින් දන්නවා ඇති මොකක්ද කියලා....ඔච්චර දවසක් සිතල කාලගුණේ ,කදුකරයේ හිටපු අපි වියලි කලාපෙට යන්න හිතුවා..:v .. මේ කලාපය පුජනියයි වගේම අපේ මුතුන්මිත්තන්ගේ තාක්ෂණයේ දියුණුව මනාවට පිලිබිබු කරන තැනක් කියන එක මුළු ලෝකෙම දන්නවා... (දැන් ඉතින් අපෝ පුජනිය ඒවාද කියලා යන්න එපා හොදේ :P ) . වටිනා කියන කරුණු කාරනා හුගක් දැනගන්න පුළුවන් වෙයි ඔයාල නොදන්න :D........
ගමනට සහබාගිවූ මිතුරන් (මම,ක්ශාරපානි,රාමේ ,sms ,මාලින් ,ඉසුරංග,අබේ ,බට්ටා)

                          එහෙනම් මම දුර ඈත අතීතේ ඉදන් එන්නම්කෝ... :v
අතීතේ දුවලා දුවලා යන්නේ  ලංකාව පාලනේ කරපු "රාවණා " කියන ශ්‍රේෂ්ඨ (යක්ෂ ගෝත්‍රික කියලා හංවඩු ගහන) රජතුමාගේ අවදධියට .
මොන රජ්ජුරුවොන්ට උනත් ඉතින් ගැහැණු කියන පාර්ශවේ ගෑවුණු නැති තැනක් නෑනේ :p .මේ රජ්ජුරුවොත් ඉතින් " සීතා " කියන කුමාරිකාව( අර රාම-සීතා කියලා කතාවක් තියෙන්නේ ඔන්න ඔය රාම රාවණ කතාවට තමා) අරන් ඇවිල්ලා සියලුම සැප සහිතව තමන්ගේ මාලිගාව වෙන ආලකමන්දාවේ තිබ්බා කියනවනේ.(ඔය දඩු මොණරේ බස්සපු තැනට තමා රම්බොඩ හරියේ "chariot path" කියන්නේ ).ඒ ගමන ගැන විස්තර පස්සේ කියන්නම්.

                                                                                  අන්න ඔය කියන ආලකමන්දාව තමා, කාශ්‍යප රජ්ජුරුවෝ තමන්ගේ තාත්තා වෙන ධාතුසේන රජතුමා  කලාවැවේ වැවුබැම්මට තියලා මැටි ගහලා මරාදාලා ඇවිල්ලා මුගලන් කුමාරයාට බයේ සියලුම අපල උපද්‍රව වලින් බේරෙන්න හදාගත්ත අතිවිශිෂ්ට නිර්මාණය වන " සිගිරිය " කියන්නේ.මේ වටිනා කියන ලෝක පුදුම නිර්මාණය "සිගිරි කාශ්‍යප" රජතුමා අතින් සිද්දවෙන්නේ ක්‍රි.ව.473 දී . මේ කියන ඉතා අගනා නිර්මාණය බිහිවෙලා තියෙන්නේ වියලි කලාපයේ මඩ වගුරු සහිත ප්‍රදේශයක(දැන් නම් ඒවා නෑ ) . සිගිරිය ලෝකයේ 8 වෙනි පුදුමය හැටියටත් නම් වෙලා තිබ්බ ලෝක ප්‍රසිද්ධ ස්ථානයක් . මේකේ තියන විශිෂ්ටත්වය අපේ ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥක් වෙච්ච "සෙනරත් පරණවිතාන"  මහත්තයා "අපේ සංස්කෘතිය" කියන පොතේ හරි ලස්සනට කියලා තියනවා. ( මම මේ ඉගන ගන්න වයසේ ඉන්න ළමයින්ට මේකෙන් ටිකක් කියල දෙන්නම්කෝ) :) .. ඔන්න එහෙනම් අහගන්න....
උද්‍යානය 



  • සීගිරියේ උද්‍යානය (ඇතුල් උද්‍යානය) හරියටම සමමිතිකයි මැදින් සිගිරි මාලිගයට  යන පාරෙන් .
  • ඇතුල් උද්‍යානයේ  ජල මල් . මේවට වතුර ගේන්නේ සිගිරි වැවෙන් , ඒ භූගත ජලනළ මාර්ගයකින්
  • කන්ද මුදුනේ තියන පොකුණ .. අදටත් මේ තාක්ෂණික නිර්මාණය පවතිනවා නිසි ආකාරයටම. ( මාතෘ පොකුණ )
  • සිංහ පාදය (මෙතන ඉදන් උඩට ගියේ කොහමද කියන එක තවමත් මට නම් ප්‍රශ්නයක් .. ඒ තරම් තාක්ෂණයක් තිබුනා නම් ඒ කාලයේ දැන් කාලයේ තිබෙන සෝපානයක් තිබිය හැකි.. )
    සිංහ පාදය 
  • මේ නගරයට (බලකොටුවට) ඇතුළුවෙන්න සතර දිශාවේ දොරටු 4ක් තියනවා.
  • සීගිරි චිත්‍ර (විජ්ජුලතා, මේඝ ලතා) මේ චිත්‍ර ඉතාමත් අලංකාර විදියට වර්ණ ගන්වලා තියනවා. මෙතෙක් කල් ඒ චිත්‍ර නොනැසී පවතින්න ඒවාගේ වර්ණ සංකලනයන් වැදගත් වෙලා තියනවා.
    සීගිරි චිත්‍ර
  • කැටපත් පවුර , ඇත්තටම මේක මොන පරමාර්ථයක් ඇතිව නිමවුවක්ද කියලා තවමත් නිශ්චය කරලා නැ .(හරිම මටසිලුටුබවින් යුතු බිත්තියක් .සිගිරි කුරුටු ගී ලියලා තියෙන්නෙත් මේ බිත්තියේ තමයි .)
  • ඒ වගේම පිටත පවුරට පිටින් දිය අගලක් තියනවා .  
    මුගලන්,කාශ්‍යප :p 
"සාමාන්‍ය සිංහයෙක්ගේ පාදයේ ඇගිලි 4ක් තියනවා ,නමුත් මේ සිංහ පාදයේ තියෙන්නේ ඇගිලි 3යි . එසේ නම් මේ සිංහයෙක් විය හැකිද ??? "

කියන මතය මට තිබෙන ප්‍රශ්නයක් , වාස්තු විද්‍යාඥයන්ගේ සම්පතක් වෙච්ච මේ සිගිරිය ලංකාවේ අතීත තාක්ෂනය ගැන මනාව කියා පානවා නොඅනුමානයි ... අතීතයේ සිගිරි ගල පුරාවට චිත්‍ර ඇදලා තියෙන්න ඇති කියලා විශ්වාසයක් තියනවා. ඒ වගේම මේ චිත්‍ර වල ප්‍රතිබිම්භය ඇතුල් උද්‍යානයේ පොකුණු වල දවස පුරාවට දර්ශනය වෙන්න ඉතා අලංකාර විදියට තමයි මේ නගර නිර්මාණය කරලා තියෙන්නේ.
                                                                                 මුගලන් කුමරුගේ සටනින් කාශ්‍යප පැරදුනාම  සීගිරි රාජධානිය වල් බිහිවෙලා ගියා කියලා තමා කියන්නේ.නමුත් මේ පර්වතය අවට තිබෙන පිදුරංගල කියන කන්දේ ඉපැරණි විහාරයක් ස්ථාපනය වෙලා තිබිලා තියනවා . ඒ හින්ද සිගිරිය භාවනායෝගී රහතන් වහන්සේලා වැඩසිටි ස්ථානයක් හැටියටත් හැදින්වෙනවා. හරි එහෙනම් සිගිරිය ගැන කියන්න තිබ්බ කතා කෙටියෙන් කිවුවා.
සීගිරි වැවට පිදුරංගල හා සීගිරිය පෙනෙන අයුර 

                            තව එකක් අමතක උනා සිගිරිය යන අය යන්නේ සිගිරිය බලන්න විතරයි නමුත් ඒ ලඟම තියන පිදුරංගල විහාරෙට,කන්දට යන්නේ නැ.ඒ කන්ද මුදුනට නැග්ගම සිගිරි කන්දේ ලස්සන හොඳටම බලාගන්න පුළුවන් . 
පිදුරංගලට සිගිරිය පෙනෙන අයුර 

                             ඔන්න එහෙනම් මම දැන් සීගිරියට යන පාර කියන්නම්කො 


  1. වෙනදා ගහන පදේම තමා. මගේ ගමනාරම්භය මහනුවර නගරය.මහනුවරින් සීගිරිය යන බස් එකක් තියනවා උදේ 8 ට ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පලින් එකේ යනවනම් ලෙසිවෙයි.අපි ඉතින් ලොකු වාහන(බස් ) වල ගියේ.. :p (සල්ලි හුගක් තිබ්බනේ අපිට ඒ දවස් වල :v ... වාහනයක් තියනවනම් ඔය ටික ඉක්මනටම ගිහින් එන ගමන් දඹුල්ලත් වැදගෙන එන්න පුළුවන් ) . වෙන විදියකට යන කෙනෙක් නම් අනුරාධපුර ,පොලොන්නරුව යන බස් එකක නැගලා "ඉනාමලුව" හන්දියෙන් බැහැගන්න ඕනේ . එතන ඉදන සීගිරියට යන බස් එකේ ගියාම සිගිරිය ලගින්ම බැහැගන්න පුළුවන්..
වාහනේක යන කෙනෙක් නම් උදේම සිගිරි ගිහින් හවසට දඹුල්ල යන්න . මොකද වියලි කළාපෙනේ ... රත්වෙනවා.... :v :D 


ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....මේවා අතීත උරුම ඒ හඳ ඒ පෞරාණික දේවල් අපවිත්‍ර කරන්න එපා ... :) 

සැ.යු :-  ගිහින් නිකන් සද්ද දාලා බබරුන්ගෙන් ඉල්ලන් කන්න එපා... :v  :D 


 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!