Monday, October 3, 2016

නැගෙනහිරට ගිය ගමන .... # ....

                                                                            හොදයි යාලුවනේ ..... ඔන්න එහෙනම් හැමදාම කදු ගැන කියන මම අද කියන්න යන්නේ නැගෙනහිර පළාතේ ඔයාලාට දවස් දෙක තුනකට ගිහින් යන්න පුළුවන් ගමන් ගැන .... :D :D මිරිදියේ ඉදලා කරදියේ පහසයි .. සීතලේ ඉදලා රස්නේ අගෙයි ගැන තමා ඔන්න කියලා දෙන්න යන්නේ.... අද එහෙනම් ඔන්න අපි ඉන්නේ වියලි කලාපේ... වියලි කියන්නේ ටිකක් දැනෙන වියලි ගතියක් තියන කලාපෙක ..ඒ කියන්නේ උතුරුමැද සහ නැගෙනහිර කියන පළාත් වල ..හරියටම කියනවනම් පොලොන්නරුවයි ,අම්පාරයි කියන දිස්ත්‍රික්ක දෙකේ .. අපේ ගමනාන්ත වෙන්නේ දිබුලාගල , පාසිකුඩා,මින්නේරිය අභය භුමිය කියන ස්ථාන .. 
                                                                  වියලි කලාපිය පරිසර,කරදිය පරිසර පද්ධති කියන පද්ධති වල දැනුම මදි නොකියන්න ඉගනගන්න පුළුවන් ප්‍රදේශයක් තමා මම මේ සංචාරය කරලා තියෙන්නේ . ඒ වගේම ඉතිහාසාත්මක වශයෙන් වැදගත්කමක් ගන්න දිබුලාගල ,පොලොන්නරුව  පිහිටලා තියෙන්නේත් මේ සිමාවේම තමා .. :v  :) ....


ඔන්න එහෙනම්  මේ ගමන ගිය යාලුවෝ ටික කියන්නම්කො .... a / l  කාලේ පංති වලින් සෙට් උණ යාලුවෝ ටික තමා මේ ගමන යන්න පිටත් උනේ ... අත්තෙයි , පෙත්තයි , ලිනයි , යකඩෙයි , චානා , දුලාජ් ,අක්ෂිතයි ,මමයි  2014.09.14 වෙනිදා හවස් වෙලා දෙහිඅත්තකණ්ඩිය බස් එකේ නැගලා ගමන පිටත්වුනා.අපිට නවාතැන් සැපෙයුවේ චානා මල්ලි ... (දවස් 2ක් විතර එහෙට වෙලා කාලා කාලාම ගෙදර මිනිස්සුන්ටත් අපිව එපා වෙන්ට ඇති ... :p :D කමක් නැ ඉතින් නේ ... :v )  ... ඒ කතාව ඇති දැන් අපි ගියපු ගමන් ටික කියන්නම්කො ....


පහුවදා ඔන්න උදේ සෙල්ලම් එහෙම කරලා ...දිබුලාගල නගින්න කට්ටියම එකතු උනා .. අත්තේ කියන්නේ උපතින්ම ජලජ ජීවියෙක් .. ඉතින් මනුස්සයට කන්දක් කිවුවම මාළු දැලක් දැම්මා වගේ .. කොහෙමෙන් කොහොම හරි ඔන්න හරි අමාරුවෙන් දිඹුලාගල නැග්ගා
....
 දැන් ඔයාලට මම දිඹුලාගල කියන්නේ කොච්චර පුජනිය ස්ථානයක්ද  කියලා  කියන්නම් ... දුමරක්ඛ පබ්බත ... දුම්රක්ගල එහෙමත්  නැත්තන් දිඹුලාගල ආරණ්‍යය සේනාසනයේ ඉතිහාසය ක්‍රිස්තුපුරව 3 වෙනි  සියවසට විහිදෙනවා.. රහතන් වහන්සේලාගේ පා පහස ලැබූ පින්බිමක් හැටියට හදුන්වන්න පුළුවන් ..භාවනානුයෝගී ස්වාමින්වහන්සේලාගේ පුදබිමක් හැටියට අදටත් පවතින පුදබිමක් කියලා කිවොත් තවත්  නිවැරදි ... 
මම අහලා දැනගත්ත විදියට පොලොන්නරුව එක්සේසත් කරපු "විජයබාහු"  රජතුමාගෙන් පස්සේ රජවුණ " මහා පරාක්‍රමභාහු " රජතුමා (ක්‍රි.ව .1150 දි ) කාශ්‍යප කියන දිඹුලාගල ආරණ්‍ය වාසි භික්ෂුන් වහන්සේගේ නායකත්වයෙන් ධර්ම විනය සංගායනාවක් පවත්වලා විනාශ වෙලා ගිය සිරිලක බුදු දහම නැවත නගාසිටවනවා ... ඒ අවස්ථාවේ මුල් තැන ගන්නෙත් මේ දිඹුලාගල සේනාසනය .. :)

ඉතින් ඔන්න ඔහොම  දිඹුලාගල නැගලා  බහිනකොට හරිම හාස්කමක් තියන ස්ථානයක් ගැන මට චානා කිවුවා ... ඒ තමයි "ඖෂධ පොකුණ " 
දිඹුලාගල කන්දට එහාපැත්තෙන් තියන කන්දේ මැද පොඩි ගුහාවක තමා මේ කියන පොකුණ පිහිටලා තියෙන්නේ ..කේ කියන  පොකුණෙන් අදටත් ගැබිණි මවුවරුන්ට බොන්න දෙන්න වතුර අරගෙන යනවා..මොකද ,මේ වතුරේ එච්චරකට බලවත්  ඖෂධිය ගුණයක් තියනවා .. ඉතින්  බහිද්දී හවස් උනත්  ඒ මහන්සිය  පිටම 3km විතර දුරක් ගෙවලා අපි  ලගාවුනා ඖෂධ පොකුණට ... එතනට  මුළු දිඹුලාගලම  සුන්දරත්වය  මදි  නොකියන්න බලාගන්න පුළුවන්. 


ඉතින් එහෙම දිබුලාගල සුන්දරත්වය බලලා වැවෙන් නාලා පහුවදා අපි අපේ අනික් ගමන පටන්ගත්තා .. ඒ තමා පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රේට වතුර ගෙනියන අංගමැඩිල්ල අමුණයි මින්නේරි කවුඩුලු අභයභුමියටයි යන එක  ..


මින්නේරිය 1983 දී තමා අභයභූමියක්  හැටියට නම් කරේ . පොලොන්නරුව ,ත්‍රිකුණාමලය ,මාතලේ දිස්ත්‍රික්ක වලට මායිම් වෙලා තියන මේ අභයභුමිය වන අලින්ගේ රජ දහනක්.. නොදන්න යට දැනගන්න මේකත් කියන්නම්.. මහාවිහාරය විනාශ කරපු මහසෙන් රජතුමා පස්සේ කාලෙක ථෙරවාදී බුදුදහම වැළදගෙන ජේතවනාරාමය වගේ ලොකු වෙහෙර විහාර කරවලා ,මින්නේරිය  කවුඩුලු වගේ විශාල වැවු 17ක් කරවලා රට ස්වාන්පොෂිත කරවපු රජ කෙනෙක් ... ඉතින් ඔන්න ඔහොමයි ගමන සිද්ද උනේ .. දැන් මම යන පාරවල්

කියන්නම්කො..

වෙනදා වගේම මගේ ගමනාරම්භය මහනුවර නගරය .. මුළු ගමනටම අපි 420km වයකරා ..

1.මහනුවර ඉදන් දිඹුලාගල පන්සලට 171km තියනවා පැය 6ක විතර ගමනක් ,..

2.එතන ඉදන් පාසිකුඩා වලට 37 km තියෙන්නේ..
3.දිඹුලාගල ඉදන් 33km තියනවා මින්නේරියට..

ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාල එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!



No comments:

Post a Comment