Friday, January 13, 2017

සිසිලසේ මායිම .. මොණර කන්ද (Peacock hill) ..... #

                                                                       ඔන්න ඉතින් යාලුවනේ මම අද කියන්න යන්නේ සීතලයි රස්නෙයි වෙන්වෙන කවුරුත් වැඩිය නොදන්නා මායිම් කන්දක් ගැන.. හිතාගන්න්න පුලුවන්ද ඒ මොකද්ද කියලා... හැඩයෙන් මොනරෙක්ට සමානයි .. ඒ වගේම මේ කියන කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළියයි මහනුවරයි දිස්ත්‍රික්ක වෙන් කෙරෙන මායිමේ ..එළවලු වගාවට හරිම ප්‍රසිද්ධ ප්‍රදේශයක් හැටියටත් මේ කන්ද පිහිටලා තියන ප්‍රදේශය හැදින්වෙනවා ...( බාලෙත් එක්ක මරුටියක කන්ද නගින්න ගිහින් හොද කතා අහගත්ත අතිතෙකුත් තියන ගමනක් තමා මේක :p ).
Via Doragala road
                           හරි ..වැඩි විස්තර ඕනේ නැනේ ,මම කෙලින්ම කතාවට බහින්නම් .. වෙනදා වගේම හොදට පාරවල් ගැන දන්නවා කියලා හිතන් ඉන්න අපේ කොල්ලෝ සෙට් එකක් තමා මේ ගමනටත් සෙට් උනේ. 2014 දෙසැම්බර් මාසේ වගේ. මොකද කලින් පාර ගිහින් මිදුම බලලානේ ආවේ .. :v :p 
උදේ 6 ට විතර ඔන්න කට්ටියම කොහොම කොහොම හරි මහනුවර බස් නැවතුම්පලට සෙට් උනා..... මේකට සහභාගි උනේ සමනලයයි , පානී,බට්ටි ,බස්සයි ,අබෙයි ..ඔන්න ඉතින් වෙනදා වගේම එක එකාට ලජ්ජා කරගන්න ගමන් ගමන පිටත් උනා.
To_the_peak
                                                               ඉතින් මන් මේ කන්දේ නම කියුවේ නැනේ ... සිංහලෙන් නම් " Peacock Hill" ..ඉංග්‍රීසියෙන් නම් " මොණර කන්ද " කියලා තමයිලු කියන්නේ :p , උසින් නම් මීටර 1518 ක් . මේ කියන කන්දට කිට්ටුම නගර තමයි දුටුගැමුණු කුමාරයා තමන්ගේ රාජධානියෙන් පැනලා ඇවිල්ලා  හැංගුන කොත්මලේ  කියන නගරය .මේ ගමනේදී ඔයාලට වෙලාව තියනවනම් කොත්මලේ මහා සෑය ,ඒ වගේම කොත්මලේ ජලාශයට යටවුන කඩදොර කියන පන්සලේ නටබුන් බලාගන්න පුළුවන් . මොණර කන්ද පිහිටලා තියෙන්නේ දොරගල කියන ප්‍රදේශයේ , ඉතින් මේ වගේ ඉතිහාසත්මක වැදගත්කමක් තියන ප්‍රදේශයක තමා මේ මොණර කන්ද පිහිටලා තියන්නේ .මහනුවර සිටින්නෙක්ට නම් එක දවසක ගමනක් ..
Getting_very_near

                       දැන් මන් කියන්නම් මොනරකන්දට නැග්ගම ඔයාලට බලාගන්න පුළුවන් මොනවද කියලා .. කන්දේ එක පැත්තක් සීතලයි අනික් පැත්ත ටිකක් උණුසුම් ගතියක් තියනවා. ඉතින් මේ කඩ මුදුනට නැග්ගම ඔයාලට බලාගන්න පුළුවන් දිය අලි කිහිපයක් තියනවා. ප්‍රධාන වශයෙන් රම්බොඩ ඇල්ල,ගැරඩි  ඇල්ලත්, ෆ්රෝටෝෆ්ට් , chariot path ප්‍රදේශයත් , ශ්‍රී ලාංකිකයන්ගේ මුදුන් මල්කඩ වුන ශ්‍රී පාදයත් , great western කදුවැටියත්  කිකිලියාමන කන්දත් , ලංකාවේ ඉහලම පිහිටුම ලකුනුවෙන පිදුරුතලාගලත් , නාවලපිටියේ පිහිටි දොළොස්බාගය කදුවැටියත් ...ඇත ලගින්ම කඩදොර ගම්මානය සහ කොත්මලේ ජලාශයත් බලාගන්න පුළුවන්.. තව මෙකි නොකී බොහොමයක් ස්ථාන එකවර දැකගන්න පුළුවන් හරි ලස්සන තැනක් තමයි මොණර කන්ද කියන්නේ ... 

viewing ramboda,garendi falls, chariot path, frotoft. great western range and kotmale resorviour 


                       හරි දැන් එහෙනම් මම ඔයාලට එහෙට එන පාරවල් කොහොමද කියලා කියන්නම්කො.... වෙනදා වගේම මගේ ගමනාරම්භය තමයි මහනුවර නගරය.. මහනුවර නගරෙයේ ඉදන් නම් පැය 2 1/2 ගමනක්..
kotmale temple

1. පලවෙනි මාර්ගය තමයි මහනුවර නුවර එලිය මාර්ගයේ ඇවිත් ,පාර දෙක හන්දියෙන් බැහැලා එතන ඉදන් දොරගල යන වෑන් එකක හරි බස් එකේ හරි යන එක රුපියල් 60ක් වගේ වෙනවා එතනින් දොරගල තේ කර්මාන්තශාලාව ලග බැහැලා 2 1/2 km වගේ පයින් ගමනක් තියෙන්නේ ..

2. අනික් මාර්ගය තමයි මනුවර නුවර එලිය මාර්ගයේ ඇවිත් ගම්පල පහුවෙනකොට තියන කොත්මලේ පාර .. එකෙන් ඇවිල්ල කොත්මලේ ජලාශය බලලා , කොත්මලේ සයත් වැදගෙන ඒ පාර දිගේම උඩට ඇවිල්ල දොරගල තේ කර්මාන්තශාලාවට ඇවිල්ල මන් කියුව පාර .. 

3 නුවරඑළියේ ඉදන් එන කෙනෙක්ටනම් පුස්සල්ලාවෙන් කොත්මලේ පාරේ ඇවිල්ලා මන් 2වෙනියත සදහන් කරපු ගමන් මාර්ගය .. 
                                                               
ඔන්න එහෙනම් මම ඔක්කොම  විස්තරේ කිවුවා.. අමතක උන එකක් තිබ්බොත් අයෙත් දාන්නම් ...

සැ . යු :-( google image ද උපුටාගෙන ඇත,  හුදෙක් ගමන් මාර්ගය අවබෝධය පිණිස මෙසේ සටහන් කොට ඇත.)



ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....


Crew


 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

No comments:

Post a Comment