Saturday, November 16, 2019

පළමු තේ ගසේ වතගොත සැගවුණු ලූල්කදුර වතුයාය සහ කොණ්ඩගල ....

ඔන්න එහෙනම් යාලුවනේ අවුරුදු දෙකකට පස්සේ  ආයෙත් අපුරු චාරිකාවක් ගැන විස්තර කියන්නයි යන්නේ,

කදු නගින්න හිතන් ඉන්න/කදු නැගිල්ල ආරම්භ කරන්න හිතන් ඉන්න/දවසේ නිවාඩුවකට /පවුලේ අයත් එක්ක කදු නගින ඇවිදින අත්දැකීමගන්න හිතන් ඉන්න අයට කියපු තැනක් තමයි මේ කියන්න යන්නේ,
නමින්  "ලුල්කදුර වතුයාය/කොන්ඩගල කදු පන්තිය"


මෙතන කොච්චර ලස්සනද කියනවා නම්,උදේ ඉර උදාව ලුල්කදුර වතුයායේ ඉදලත්, ඉර බැසීම කොන්ඩගල කදු මුදුනේ ඉදලත් හරිම ලස්සනට බලන්න පුළුවන්. ඒ වගේම තෙත් වියලි පරිසර පද්ධති දෙකේම වෙනස ඉතාම හොදට අධ්‍යයානය කරන්නත් පුළුවන්.

තව විශේෂත්ව ගොඩක් තියනවා පිළිවෙලට කියනවා එහෙනම්.     

1. අපිට තේ කියන ශාකය ලැබුණේ සුද්දාගෙන් නේ.ඒ 1864 ,ඔන්න ඔය පළවෙනි තේ ගහ ගෙනල්ලා ඉස්සරෝම හිටෙව්වේ මෙන්න මේ කියන ලූල්කදුර වතු යායේ."සර් ජේම්ස් ටේලර්" කියන සුදු මහත්තයා තමයි 1867 දී ලූල්කදුර වතු යායේ මේ තේ වගාව ආරම්භකරේ.අදටත් ඔයාලට සර් ජේම්ස් ටේලර් හිටපු බංගලාවේ දුම් කුලුන,ළිද ,ඔහු අසිරිය නරබපු ටේලර් සිට් එක බලාගන්න පුළුවන්.(මගේ මතයට අනුවනම් තේ කියන්නේ සුද්දා අපේ පොලවේ තියන සාරය උරා බීපු /බොන්න ලංකාවට ගෙනාපු දෙයක්.ඔයාලාගේ මතය කොහොම වෙඉද දන්නේ නැ.මොකද ජාල පෝෂක ප්‍රදේශ මුලික කරගෙන තමයි මේ තේ වගාව ලංකාවේ ජයටම කරගෙන ගියේ.එකේ අතුරු ප්‍රථිපල අපි දැන් වෙනකොට බුක්තිවිදිනවා. උදා:- බදුල්ල දිස්ත්‍රික්කයේ බොහොමයක් ජල දහරා මේ වෙනකොට වර්ශාකලයට පමණක් සීමාවෙලා තියනවා.)

2.මේ වතුයාය පිහිටලා තියෙන්නේ මහනුවර හා නුවරඑලිය දිස්ත්‍රික්කයේ මායිමේ.ඒ හින්දා ජාල දහරාවලින්,දියඇලි වලින් නම් කිසිම අඩුවක් නෑ .ඒ වගේම නුවර එලි සිසිලසයි,මීදුමයි,මහනුවර සෞම්‍යයය කාලගුනයයි අත්විදගන්න පුළුවන් තැනක් තමා ලූල්කදුර කියන්නේ.

3.තවත් ප්‍රසිද්ද එක දෙයක් තියනවා,මේක වැදගත් වෙන්නේ කදුනගින අයටයි,චායාරූපකරණයේ යෙදෙන අයටයි .කොන්ඩගල /ලූල්කදුර පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල රක්ෂිතයේ එක අන්තයක.ඒ වගේම රාවණා රජතුමාගේ දඩුමොනරේ ගොඩබාපු chariot path කියන ස්ථානයට ප්‍රවේශ වෙන්න තියන එක දුර්ග මාර්ගයක් ආරම්බවෙන්නෙත් මේ වතුයායෙන්.(හැබැයි මේක යන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් -FD එකෙන් අවසර ගන්න නම් වෙනවා)

4.මහවැලි කර්මාන්තයේ හදපු වික්ටෝරියා ජලාශය වේල්ල හොදට බලාගන්න පුළුවන් වේවි.. ඒ වගේම දිය අලි දෙක තුනකුත් බලාගන්න පුළුවන්.එක එක පසෙකින් හන්තාන කදුවැටිය නොවරදවාම බලාගන්නත් පුළුවන් වෙයි.

හරි එහෙනම් වැදගත් ටික කියලා ඉවරයි.දැන් තියෙන්නේ මගේ පම්පෝරිය.ඉස්සරෝම මම මේ ගමන ගියේ 2008දි.හැබැයි මන් ලග කැමරාවක් තිබුනෙනේ නෑ .ඒ හින්දා විබාගේ එහෙම ඉවරවෙලා 2013 යාළුවො සෙට් එක එක්ක ඔන්න මේ ගමන යන්න ප්ලෑන් කරගත්තා. වෙනදා වගේම සෙට් එකේ කීපදෙනෙක් මේකට එකතු උනා.(අබයයි,ශවියයි,එලයයි,පුරෝහිතයි,මායි).තුන්වෙනි පාර ගියේ 2018දී පවුලේ චාරිකාවක් විදියට (2008-2018 කාලය තුල හුගක් ජාල මුලාශ්‍ර හිදිලා ගිහිනුයි තිබ්බේ).

වැඩි වැඩ ඕනේ නෑ ..යන්නේ කොහොමද කියලා කියන්නම්කො.(හොදම විදිය තමා තමන්ගේ වාහනෙකින් යන එක-පවුලේ චාරිකාවක්නම් / හැබැයි කොල්ලනේ කෙල්ලනේ ඔයාලා යනවනම් අනිවාර්යයෙන්ම දවස් දෙකක් තියාගෙන යන්න මොකද මම මුලින් කිඋව වගේඇවිදින ,කදු නගින ඔයාලාට රාත්‍රියක් ගත කරන්න චායරුප ගන්න හරිම වටිනා ගමනක් වේවි මේක.)

1.මාර්ග ගොඩක් නෑ.එකයි තියෙන්නේ.වෙනදා වගේම මගේ ගමන් ආරම්භය මහනුවර නගරය.නුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් ඔයාලා නගින්න ඕනේ දෙල්තොට බස් එකට ඒ බස් එකෙන් දෙල්තොටට යන්න ඕනේ.හරිම ලස්සන ගමනක් මේක.මොකද හන්තාන මුළු කදුවැටිය හරහාම මේ මාර්ගය දෙල්තොට වෙනකන් යනවා.ආසන්නව පැය එකහමාරක් වගේ ගමනට යනවා.ඊටපස්සේ දෙල්තොටින් හේවාහැට බස් එකේ නැගල ලූල්කදුරට ටිකට් ගන්න. එකාලේනම් එක්කෙනෙක්ට රුපියල් 120ක් වගේ ගියේ මතකේ හැටියට.ලූල්කදුරට ඇතුල් වෙන්න රුපියල් 50ක ටිකට් එකක් ගන්න වෙනවා.එච්චරයි.මෙන්න තියනවා මැප් එක.


සැ.යු :-

1.බබරු ඉන්නවා ටිකක් පරිස්සමින්

2.වැස්ස කාලෙටනම් යන්න එපා.හොද පැහැදිලි අහසක් තියන දවසක ගියොත් හරි ලස්සන පරිසරයක් දකින්න පුළුවන් වේවි.



ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

1 comment:

  1. Las Vegas Casino - JamBase
    Enjoy 원주 출장안마 a 부산광역 출장안마 night of Las Vegas gaming 양산 출장마사지 with JamBase! At JamBase we offer all 진주 출장안마 of our favorite Las Vegas 안양 출장안마 casino table games including slots, poker and bingo.

    ReplyDelete