Friday, July 14, 2017

සැගවුණු දියඇලි සපිරි " ග්‍රේට් වෙස්ටර්න් " කදුවැටිය ... # #

ඔන්න එහෙනම් යාලුවනේ සිසිලසේ මායිමේ හිටපු අපි බදුලු දුම්රියෙන් සිතල කලාපෙට ඔයාලව එක්ක යන්නයි සුදානම් වෙන්නේ.. සුද්දගේ කාලේ නම් කරපු කදුවැටියක් , නමින් " Great Western (ග්‍රේට් වෙස්ටර්න් ) ". දැනට හදුනාගෙන තියන විදියට ලංකාවේ තියන 7 වැනි උසම කන්ද, උසින් 2212m ක් වෙනවා, පිහිටලා තියෙන්නේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ . තලවාකැලේ නගරයට මිහිදුමෙන් වැහිලා පෙන ලස්සන කදුවැටිය තමා මේ great western කදුවැටිය. . .. 
                                                              1969 ට පස්සේ අද වෙනකන් මුළු ලංකාවේම කදුවල උස මැනිමක්,සිතියම් ගතකිරීමක්,බිම් මැනුමක් සිද්ද වෙලා නෑ (කලින් 6 වුනාට දැන් 7 එහෙම වෙන්නේ කුඩහගල කන්ද එහෙමත් නැත්තන් අග්‍රා බෝපත් කන්ද හින්දා)... :p 



ප්‍රශ්නයක් නේද ?? කොහොමද මේ නම මේ කන්දට ලැබුනේ කියන්න ... මම අහලා දැනගත්ත හැටියට මේකට මේ නම වැටෙන්න කතා දෙකක් තිබිලා තියනවා .

1. එක තමයි සුද්දගේ කාලේ කියන්නේ ලංකාවේ තේ වවපු කාලේ . අන්න ඒ කාලේ වතු හාම්පුතෙක් ඉදලා තියනවා වෙස්ටර්න් කියලා ... අන්න එයාව සිහිවෙන්න නම තිබ්බා කියලා කියනවා..

2. දෙක තමයි සුද්දගේ කාලෙනේ රේල්පරවල් හැදුවේ. අන්න ඒ කාලේ සුද්දෝ මෙතන නවාතන්ගන්න හරිම කැමතිලු... සුද්දෝ නෙවෙයි ගිය අපිටත් ඉන්න හිතුනා ..මොකද දිය ඇලි ,ලස්සන, ඒ වගේම සිතල හරියටම සුද්දෝන්ගේ රටේ තියන great western නමින් හැදින්වෙන කදුපන්තිය තිබෙන භූමියට හරිම සමානයිලු, ඉතින් ඒ හින්දත් මේ නම තිබ්බා කියලා කියනවා.


කොහොම කොහොම හරි දැන් මේ කන්ද සංචාරකයින් අතරේ හරි ප්‍රසිද්දියට පත්වෙලා තියනවා ..හැබැයි මම ගිය ගමන් වලින් ටිකක් අමාරු කදු තරණයක්, මොකද යන්න පුළුවන් හරිම සීමිත කාලයකදී විතරයි.මොකද වැඩි මාස ප්‍රමාණයක් වර්ෂාව අදහලෙනවා . ඉහළකොත්මලේ ජලාශයේ ජලපෝෂක ප්‍රදේශයක් හැටියටත් මේ කලාපය හදුන්වනවා . හැටන් ඔය, එහෙම නැත්තන් මහවැලි ගගේ අතුශාඛාවට ජලය සපයන ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශයක් . 

කන්ද මුදුනට නැග්ගම හෝර්ටන් තැන්න , ලෝකාන්තය , කිකිලියාමාන, සප්ත කන්‍යා , ශ්‍රී ලානකිකයින්ගේ මුදුන්මල්කඩ වුන ශ්‍රීපාදය , ඉහලකොතමලේ සහ තවත් අලංකාර ස්ථාන ගොඩක් දැකබලාගන්න පුළුවන් .


ඉතින් වෙනදා වගේම දර්ශනයි ,උදේශයි, මායි ගමනට එකතු උනා. ඒ වගේම මේ ගමනේදී හසල පළපුරුද්දක් තියන වයසක කොල්ලෝ දෙන්නෙක් එකතු උනා :p  (කෙනත් ,ස්ටීව් අයියලා) .. ඒ වගේම great western වලින් අපිට ගම වැසියෙකුත් සහය උනා... වැඩි කතා පැත්තක තියලා ඔයාලට යන්නේ කොහොමද කියලා කියන්නම් ..


1. හරිම ලේසි ගමන තමා දුම්රිය ගමන ,එකෙත් රාත්‍රී බදුල්ල තැපැල් දුම්රිය . පාන්දර 2.30 වෙනකොට ඔයාලට great western දුම්රිය ස්ථානයෙන් බැහැගන්න පුලුවන් .  දුම්රිය නැවතුමේ තියන විවෙකගාරේ නැවතිලා ඉදල උදේම ගමන පිටත් උනා නම් උදේ 11 වෙනකොට උඩට යාගන්නත් පුළුවන්... රාත්‍රිය ගත කරනවනම් ඒකටත් සුදුසුම තැනක් තමයි මේ කදුවැටිය.. :D දුම්රිය පොලේ ඉදන් බදුල්ල පැත්තට ටිකක් ඇවිදගෙන යනකොට හම්බවෙනවා පාලමක් .. එක පහු කරනකොට වම් අත පැත්තට යන්න තියනවා පොඩි තාර පාරක් එකේ පොඩි දුරක් ගිහින් කෑලේ ඇතුලට හැරිලා දිය අැලි 2කක් හරහා මාරු වෙලා තමයි කන්ද නගින්න යන්න තියෙන්නේ ..


සැ.යු :- 

1.නුවරඑළියේ තියන passion fruit අඩුවක් නැතුව කන්න පුළුවන් හොදම ගමනක් ..


2. බබරු ඉන්නවා ගමන පරිස්සමින්

3. ගමන් මග ලිස්සන සුළුයි .. පරිස්සමෙන් යන්න.. ඒ වගේම වර්ෂාවට සුදානමින් යන්න.


ඔයාලත් නොවරදවාම යන්න මේ අසිරිය බලාගන්න ,හැබැයි මම අනික් post වල කියනවා වගේ පොලිතින් වගේ අපද්‍රව්‍ය ගෙනිහින් දාලා එන්න එපා. පරිසරය රැක්කොත් අපිත් රැකෙයි ....




 #...රසවිඳින්න ... ඇවිදින්න ..... ජිවිතේ විඳින්න..... #

ඔබට සුබගමන් !!!!

No comments:

Post a Comment